මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සොයිසාපුර පුනස්ථාපන ව්‍යාපෘතිය යටතේ පස් මහල් ගොඩනැගිලි 03ක්

    නොවැම්බර් 05, 2014
    සොයිසාපුර පුනස්ථාපන ව්‍යාපෘතියේ ඉතිරි පස් මහල් ගොඩනැගිලි තුනෙහි ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 170ක මුදල් රජය විසින් වෙන් කොට ඇත.
     
    ඒ අනුව සෙස පුනස්ථාපන ව්‍යාපෘතියේ ඉතිරි වී ඇති නිවාස 60කින් සමන්විත පස් මහල් ගොඩනැගිලි 03 හි ඉදිකිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදු කරනු ඇත. 
     
    මෙහි පළමු අදියර පළමු පස් මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කොට පසුගිය වසරේ දී ජනතා අයිතියට පත් කරන ලදී. අනවසර නිවාස ඉවත්කිරීමෙන් පසු හිස් වු ඉඩම තුළ දෙවන අදියර යටතේ දෙවන පස් මහල් ගොඩනැගිල්ලලේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී. එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2014 වසර අවසන්වීමට පෙර ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය. 
     
    ඉන් අනතුරුව සෙසු ගොඩනැගිලි තුනෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya