මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සුව දිවියට දියදෝතක්'' ජල පිරිපහදු පද්ධති සවිකිරීමේ සමාරම්භක උළෙල අද

    නොවැම්බර් 07, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයකට අනුව '' සුවදිවියට දියදෝතක්'' ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල අද (07) පස්වරු 1. 00ට වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. 
     
    වයඹ පළාතේ වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශවල ජල පිරිපහදු පද්ධති 77ක් සවිකිරීම මෙම ව්‍යාපෘතියෙන් සිදුකරන අතර මේ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 311කි.
     
    ලංකාවේ විශාල ප්‍රශ්නයක්ව පවතින වකුගඩු රෝගය නැතිකිරීමට මෙයින් හැකියාව ලැබෙනවා. ඒ වගේ ම බෝවන රෝගවලට වඩා බෝ නොවන රෝග විශාල වශයෙන් ඇති බවත් පිරිසිදු ජලය නොමැතිකම නිසා වකුගඩු රෝගයට ජනතාව වැඩි වශයෙන් ගොදුරුවෙන බවත් ප්‍රධාන අමාත්‍යවරයා පවසයි. 
     
    එම නිසා ජල පිරිපහදු පද්ධති සවිකිරීමෙන් පිරිසිදු ජලය පරිහරණය කිරීමට හැකිවන බව සහ වකුගඩු රෝගයෙන් ජනතාවට ආරක්ෂාවීමට හැකි වන බවත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya