මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තීන්දු තීරණ ගැනීම සඳහා නායකත්වයක් අවශ්‍යයි

    නොවැම්බර් 05, 2014

    තීන්දු තීරණ ගැනීම සඳහා නායකත්වය අවශ්‍ය බවත් පාසලේ දී ශිෂ්‍ය නායකයන්, පන්ති නායකයන් පත් කරනවා වගේම සමාගම්වල ඉහළ තනතුරු පත් කිරීම සඳහා නායකත්වයක් අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා පැවසීය.



    හොඳ පෞරුෂයකින් හෙබි නායකත්ව ලක්ෂණ කෙනෙකුට නැත්නම් එම තනතුරුවලට එන්නට නොහැකියි. මේ සඳහා කුඩා කළ සිට ම පුරුදු පුහුණු විය යුතුයි. පසුබැසීම නායකත්ව ලක්ෂණයක් නොවන බවත් සමහරු තනතුරකට යෝජනා කළ විට ඉල්ලා අස්වෙන අතර එය බියගුළු කමක් බවත් ඔහු සඳහන් කළේය.

    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ, පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිවාස හා ළමා රක්ෂණ අංශය විසින් සංවිධානය කර තිබූ ළමා ගී රස වින්දන හා නායකත්ව පුහුණු වැඩසටහනේදී ය.

    ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් “මට කුඩා කල දී පාසල් සාහිත්‍ය සමිතියේ දී කතාවක් කිරීමට සිදු වුණා. මගේ අයියා ලියා දුන් කතාවක් දින හතක් තිස්සේ කට පාඩම් කළා. සාහිත්‍ය සමිති දිනයේ දී මම ඒ කතාව කරන්න නැගිටින විට වෙවුලන්න පටන් ගත්තා. මම වෙවුල වෙවුලා එම කතාව කළා. ඊට පස්සේ මගේ බය නැති වී ගියා. අද මගේ කථිකත්වයට එම අවස්ථාව විශාල රුකුලක් වුණා. ඒ නායකත්වය මට හැම තැනදීම ලැබුණා. අප තුළ අපේ කුසලතා, දක්ෂතා සැඟ වී තියෙනවා. එය ඉස්මතු කර ගැනීම වැදගත්.

    සමාජයට සේවයක් කිරීමට නම් නායකත්ව හැකියාවන් පුංචි කාලේ සිට ම පුරුදු කළ යුතුයි. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපි හැමෝම රජයට බදු ගෙවනවා. ලංකාවේ යාචකයෙක් කඩයකින් තේ එකක් බිව්වොත් බදු මුදලක් මහා භාණ්ඩාගාරයට යනවා. අද ලංකාවේ ඉන්නේ මල්ටි මිලියන ගණන් හම්බ කරන හිඟන්නෝ. කොහොම වුණත් අපි ගෙවන බදු මුදල්වලින් තමයි මේ වගේ වැඩසටහන්වලටත් මුදල් වෙන් වෙන්නේ. ඒ නිසා ප්‍රාදේශීය ළමා සභාවෙන් ඔබට හොඳ නායකත්වයක් ගත හැකියි. ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න හැකි වෙයි. එවිට රටක් ලෙස අපි දියුණු වෙනවා. ඔබේ ඵලදායීතාව රටේ ඵලදායිතාවයි. ඒ නිසා පුංචි කාලේ සිට ම ඔබේ ජීවිතයට නායකත්ව ලක්ෂණ ගොඩනගා ගත යුතුයි" යැයි දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

    මෙම වැඩමුලුව දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සුජීවා වැලිකුඹුර මහත්මිය, දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ඩබ්.ඩී.පී. පුෂ්පා මහත්මිය ආපදා කළමනාකරණ නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබුණි.

    NDH/WJ-dmu colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya