මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ නිවාස සංවර්ධන වැඩසටහන් ඉන්දියාවේ පැසසුමට

    නොවැම්බර් 05, 2014
    ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යළි පදිංචි කිරීමේ කටයුතුවලදී සිදුකරගෙන යනු ලබන නිවාස සංවර්ධන වැඩසටහන ඉන්දියාවේ පැසසුමට ලක් වේ. 
     
    ඉන්දියාවේ නාගරික සංවර්ධන, නිවාස හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය වෙන්කයියා නයිදු (Venkaiah Naidu)මහතා  හා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර දකුණු කොරියාවේ සෝල් නුවර දී ඊයේ (04) දින පැවති විශේෂ  සාකච්ඡාවක දී මේ බව අනාවරණය විය. 
     
    දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවැත්වෙන පස්වෙනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුවට (5th Asia Pacific Ministerial Conference On Housing And Urban Development (APMCHUD) සමගාමීව ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ නිවාස අමාත්‍යවරුන් අතර මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.
     
    උතුරේ දැනට සිදුකෙරී ඇති නිවාස සංවර්ධනය පිළිබඳ ව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරන ලදී. ඊට අමතර ව ඉන්දියානු ආධාර යටතේ සිදුකෙරෙන නිවාස වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් දෙනු ලබන සහයෝගය පිළිබඳ ව ද  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
     
    ත්‍රස්තවාදය මුළුමනින් ම පරාජය කිරීමෙන් පසු ඇති වී තිබෙන සාමකාමී වාතාවරණය තුළ උතුරු පළාත සීග්‍ර ලෙස සංවර්ධනය වෙමින් පවතින බවත් ඒ සඳහා ශ්‍රී ලංකා රජය විශාල කාර්යභාරයක් සිදුකරන බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 
     
    උතුරේ යළි පදිංචිකිරීමේ ක්‍රියාවලියේ දී නිවාස ලබාදීම සඳහා “ජනසෙවණ” නිවාස වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සහ පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සමඟ එක් ව ක්‍රියාත්මක කරන නිවාස වැඩසටහන් ගැන ද විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් කරුණු පැහැදිලි කරන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya