නිවස හා දූ දරුවන් පළිබඳ ඉතා කාර්යබහුල ඔවුන් පවුලේ ආර්ථිකය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් කරන්නන් බවට නඟාසිටුවීමට හැකිවීම රජය ලෙස ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පිළියන්දල මඩපාත ජීවන ලිය ජාතික සංසදය ස්වයංරැකියා සඳහා සාමාජික කතුන් වෙත ණය ප්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමිණි.
කුඩා කණ්ඩායම් හරහා ස්වයංරැකියාවන් සඳහා විශාල පිරිසක් පෙළ ගැස්සවීමට හැකිවීමත් සමෘද්ධි බැංකු මගින් විශාල පිරිසකට ගෘහාශ්‍රිත ස්වංය රැකියාවන්ට ණය ලබාදීම ලැබූ ජයග්‍රහණයක් බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා ජනාධිපතිතුමන් රට ගොඩනගන සුවිශාල ව්‍යාපෘතින් රැසක් ආරම්භ කොට ඇති අතර මහල් නිවාස ලබාදීම, නගර අලංකරණය සහ මං මාවත් සංවර්ධනය ඉන් සුවිශේෂි ස්ථානයක් ගන්නා බවත් ප්‍රකාශ කළේ ය.
සැමට සැමවිට අත්වැලක් වීමට රජය සූදානමින් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
DB