මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලිවංගුව පාසලේ ප‍්‍රයෝජනයට නොගත් ගොඩනැගිල්ලක් ජනපති උපදෙස් මත පිළිසකර කිරීම අරඹයි

    නොවැම්බර් 05, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉකුත් 29 දා පදවි ශ‍්‍රී පුර පාසලේ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කිරීමට පැමිණීම සඳහා හෙලිකොප්ටර් යානය පදවිය අලිවංගුව පාසලේ ක‍්‍රීඩාංගණයට ගොඩ බැස්ස වු අවස්ථාවේදි අලිවංගුව පාසලේ දැරියක් විසින් එම පාසලේ වල් බිහි වී ප‍්‍රයෝජනයට නොගන්නා ගොඩනැගිල්ලක් තම ප‍්‍රයෝජනය සඳහා සකස් කර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ අතර එය වහා ම ඉටුකරන ලෙසට එම ස්ථානයට ජනාධිපතිතුමා පිළිගැනීමට පැමිණ සිටි ප‍්‍රධාන ඇමති එස්.එම්. රංජිත් සමරකෝන් මහතාට ලබා දුන් උපදෙස්වලට අනුව දින තුනක් තුළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

     

    එම උපදෙස්වලට අනුව ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් රුපියල් ලක්‍ෂ හැට පහක් (65) වෙන්කර කැලෑවට ගොස් තිබූ දෙමහල් ගොඩනැගිල්ලක කටයුතු නැවත ඉකුත්දා ආරම්භ කළේය. මේ දෙමහල් ගොඩනැගිල්ල පළාත් සභාව මගින් වසර දහයකට පමණ පෙර ආරම්භ කර ඇතත් අතර මගදී ඉදිකිරීම් නවතා තිබේ. මේ පිළිබඳ ව දිගින් දිගට ම එවකට සිටී අදාළ බලධාරීන් ජනතාව විසින් දැනුවත් කර ඇතත් එම ජනතාවගේ ඉල්ලීම් ඉටු වී නොමැත.
     

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් සහ පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන යන මහත්වරුගේ ප‍්‍රධානත්වයෙන් වැඩ ආරම්භ වු දෙමහල් ගොඩනැගිල්ල කඩිනමින් සිසු අයිතියට පත්කිරීමට කටයුතු කරන බවට ප‍්‍රධාන ඇමතිවරයා මෙහිදි පැවසීය. මේ පිළිබද ජනාධිපතිතුමාට සහ ප‍්‍රධාන ඇමතිවරයා ඇතුළු උතුරු මැද පළාත් සභාවට පාසල් දරුවන්ගේ සහ ප‍්‍රදේශවාසීන්ගේ ප‍්‍රසාදය හිමි කළහ.


    මේ අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ අමාත්‍ය ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායිකා කල්‍යානි කරල්ලියද්ද  මහත්මිය ද, පළාත් සභා මන්ත‍්‍රී සුසිල් ගුණරත්න මහතා ද එක්වූහ.

     

    ali wanguwa school building

     

    ඡායාරූප- ශුද්ධ පවිත‍්‍ර කිරීමෙන් පසු අතහැර දමා තිබු දෙමහල් ගොඩනැගිල්ල සහ අමාත්‍යවරු පාසල් ගොඩනැගිල්ලේ නාමපුවරුව විවෘත කළ අයුරු.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya