මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාත් කළමනාකරණ සේවයේ 105 දෙනකුට පත්වීම්

    නොවැම්බර් 05, 2014

    උතුරු මැද පළාත් කළමනාකරණ සේවයේ තවත් එකසියපස් (105) දෙනකුට පත්වීම් ප්‍රදානය උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේ දී ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා (03) පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබීය.

     

    මෙයට මාස කිහිපයකට පෙර ද උතුරු මැද පළාතට කළමනාකරණ සේවයේ පත්වීම් දෙසිය තිස් පහක් (235) ලබා දී තිබේ. තරග විභාගයකින් පත්වීම් ලාභීන් තෝරා ගෙන තිබිණ.

     

    කළමනාකරණ පත්වීම් ලබා දෙමින් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පවසා සිටියේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා 2005 වසරේ සිට මේ වන තුරු හය ලක්‍ෂයක් බඳවා ගෙන තිබේ. දේශපාලන බලපෑමකින් තොර ව තම දක්‍ෂතාව හා කුසලතාව මත තරග විභාගයට පෙනී සිට පත්වීම් ලබා ගැනීමේ අවස්ථාව රජය උදාකර තිබේ. උතුරු මැද පළාතේ රාජ්‍ය සේවයට එක්වන කළමනාකරණ පත්වීම් ලැබූවන් තම රාජකාරිය ජනතා සුබසෙතට කැප කිරීම උදෙසා තම වගකීම් නිසි පරිදි ඉටුකළ යුතු බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා කීය.

     

    මෙම අවස්ථාවට පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල, මන්ත‍්‍රීවරුන් වන පී.බී. ඒකනායක, පී.බී. කුමාර, උපාලි විජේකෝන්, සරත් ඉලංගසිංහ මහත්වරුද පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් එච්.එම්.ආර්.බී. හේරත් මහතා සහ පළාත් සහකාර කොමසාරිස්වරිය ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.

     

    HC

    NCP managemaent apointment

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya