මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීම පිළිබඳ යාවත්කාලීන කිරීම

    නොවැම්බර් 04, 2014
    2014 ඔක්තෝබර් මාසය තුළ දී බැංකු, මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම් (බැංකු නොවන මූල්‍ය ආයතන) මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ක‍්‍රියාවලියෙහි වැඩිදුර ප‍්‍රගතියක් අත්පත්කර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවස යි.
     
    ඩී.එෆ්.සී.සී බැංකුව, නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක්, පී.එල්.සී සහ ඩි.එෆ්.සී.සී වර්ධන බෑන්ක්, පී.එල්.සී යන බැංකු ත‍්‍රිත්වය අතර යෝජිත ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සලසන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. 2014 අයවැය මඟින් අපේක්ෂා කළ පරිදි සංවර්ධන බැංකුකරණය කෙරෙහි යොමු වූ ශක්තිමත් බැංකුවක් පිහිටුවීමේ අරමුණෙන්, මෙකී බැංකුවල මෙහෙයුම්
    කටයුතු ඒකාබද්ධ කිරීම මනා ලෙස සිදු කිරීම සඳහා ඒකාබද්ධ අභ්‍යන්තර කමිටු සමීප ව ක‍්‍රියාකරන ලදී.
     
    මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ‍්‍රී ලංකා පී.එල්.සී, එම්.සී.එස්.එල් ෆයිනෑන්ෂියල් සර්විසස් ලිමිටඩ් සහ එම්.බී.එස්. එල් සේවින්ග්ස් බෑන්ක් ලිමිටඩ් අතර යෝජිත ඒකාබද්ධ කිරීමට අදාළ කටයුතු සම්පූර්ණ කිරීමේ අවසන් අදියරට ළඟා වී ඇත. ඒ සඳහා අවශ්‍ය කොටස් හිමියන්ගේ අනුමැතිය මේ වන විට ලබාගෙන ඇති අතර ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව පිහිටුවනු ලබන ආයතනය බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස ක‍්‍රියාත්මක වනු ඇත.
     
    ශ‍්‍රී ලංකා මහ බැංකුව, මුදල් සහ ක‍්‍රමසම්පාදන අමාත්‍යංශයේ එකඟතාව යටතේ, අත්පත්කර ගැනීමේ/ඒකාබද්ධ කිරීමේ පිරිවැය සුදුසුකම් ලැබීමේ ගෙවීම් වශයෙන් නිර්ණය කිරීමට සහ අන්තර්ග‍්‍රහණය නොකළ සියලු යෙදවුම් සඳහා බැරකම් මත හිමිකම්පෑමට පිළිවෙළින්, දේශීය ආදායම් පනතේ සහ එකතු කළ අගය මත බදුපනතේ නියමයන්ට අනුකූලව මාර්ගෝපදේශ නිකුත් කරන ලදී.
     
    සන්නිවේදන දෙපාර්තමේන්තුව 2014 නොවැම්බර් 01 මෙම මාර්ගෝපදේශ බලපත‍්‍රලාභී බැංකු, බලපත‍්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම්සඳහා 2014 අපේ‍්‍රල් 01 දින සිට බලපැවැත්වෙනු ඇත. මෙම මාර්ගෝපදේශයන්, අඛණ්ඩ පැවැත්මක් සහිත ඒකකයක් ලෙස ව්‍යාපාරයක් අත්පත්කර ගැනීම හෝ කොටස් අත්පත්කර ගැනීම හෝ වෙනත් බැංකුවක්/මූල්‍ය සමාගමක්/කල්බදු 
    සමාගමක් සමඟ ඒකාබද්ධවීම හෝ සම්බන්ධ පිරිවැය අයිතමයන්නියම කරයි. මෙම සහන, මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ක‍්‍රියාවලියෙහි ප‍්‍රවර්ධනයට සහ බැංකු, මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම්වල දැනටමත් සිදු වෙමින් පවතින ඒකාබද්ධ කිරීමේ සහ අත්පත්කර ගැනීමේ ක‍්‍රියාමාර්ගයන් කඩිනමින් සම්පූර්ණ කිරීමට මනා පිටුවහලක් සපයනු ඇතැයි අපේක්ෂිතය.
     
    සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී සමඟ ඉසුරු ලීසිං කම්පැනි ලිමිටඩ් සහ ආර්පිකෝ ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී සමඟ ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී විසින් එකඟ වූ ඒකාබද්ධවීම්වලට අදාළ සැලසුම් පිළිබඳ ව මහජන නිවේදන 2014 ඔක්තෝබර් මාසය තුළ දී නිකුත් කරන ලදී. ඒකාබද්ධ කිරීමේ සැලසුම් ක‍්‍රියාවට නැංවීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව තෝරාගත් බැංකු නොවන මූල්‍ය ආයතන කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වීය. මේ වනවිට, බැංකු නොවන මූල්‍ය ආයතන 41ක් සහ බැංකු 9ක් ඔවුන්ගේ ඒකාබද්ධ කිරීමේ සැලසුම් තහවුරු කර ඇත. මේ අතරින්, බැංකු නොවන මූල්‍ය ආයතන 8ක් සහ බැංකු 2ක් ඔවුන්ගේ ඒකාබද්ධ කිරීමේ සැලසුම්වල කටයුතු නිමකර ඇති අතර, බැංකු නොවන මූල්‍ය ආයතන 33ක් සහබැංකු 7ක් තවමත් ඔවුන්ගේ ඒකාබද්ධ කිරීමේ සැලසුම්වල විවිධ අදියර ඉදිරියට ගෙන යාමේ නිරත ව සිටී. මෙකී ඒකාබද්ධ කිරීමේ සැලසුම් ක‍්‍රියාවට නැංවීමෙහි ප‍්‍රගතිය ශ‍්‍රී ලංකා මහ බැංකුව සමීපව නිරීක්ෂණය කරන බව ද මහ බැංකුව පැවසී ය.
     
    NDH
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya