මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ හදිසි නායයෑම් පිළිබඳ ආපදා කළමනාකරණ වැඩසටහන්

    නොවැම්බර් 04, 2014

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ හදිසි නායයෑම් පිළිබඳ ආපදා කළමනාකරණ වැඩසටහන් වඩා විධිමත් කිරීම මේ වන විට සිදු වේ. මේ පිළිබඳ ව සිදු කෙරෙන විශේෂ සාකච්ඡාවක් අද (04) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.


    පසුගිය දින බදුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශය නායයෑමෙන් පසු ව අතුරුදන්වූවන් පිළිබඳ ව මෙතෙක් පැහැදිලි දත්ත එක් රැස් කර ගැනීමට නොහැකි වී තිබේ. මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට වගබලා ගත යුතු බවට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මෙහිදී අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

    ඒ අනුව නායයෑම්වලට ලක් වන ප්‍රදේශයන් හි පවුල් ඒකක, කඳවුරුගත ඔවුන්ගේ ජීවදත්ත වයස් පරතරයන්ට අනුව ලේඛනගත කළ යුතුය. එමෙන් ම නිවාස වෙළෙඳසැල්, රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන, ආගමික සිද්ධස්ථාන පිළිබඳ ව නිවැරදි දත්ත එක්රැස් කිරීම මේ වන විට සිදු කොට හමාරය. එමෙන් ම සිතියම් අධ්‍යයන කිරීම තුළින් නිවාස සහ ගොඩනැගිලි පිහිටා තිබෙන ස්ථාන පිළිබඳ ව පූර්ව අවබෝධයක් ලබා ගත යුතු ව ඇත.

    වැඩිදුරටත් අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ නායයෑමේ අවදානම හේතුවෙන් කඳවුරුගත කොට ඇති විපතට පත් ජනතාවගේ දත්ත පැය 24 පුරාවට ම යාවත්කාලීන කළ යුතු බවයි. ඒ අනුව ඔවුන් කඳවුරින් පිටව යන වේලාවන්, ස්ථාන, දුරකතන අංක, පිළිබඳ ව නිවැරදි දත්ත ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත්ව සිටිය යුතු බව කීය.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ පූර්ව ආපදා සැලසුම පිළිබඳ ව පසුගිය දිනයන් හි විවිධ මාධ්‍ය මඟින් ඇගයීමට ලක් වූ අතර මෙම සාකච්ඡාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

    NDH/SH-dmi nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya