මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නායයාමේ අවදානමෙන් අවතැන්වූවන් සඳහා අමාත්‍ය සී.බී.රත්නායකගෙන් වියළි සලාක

    නොවැම්බර් 04, 2014

    නායයාමේ අවදානම හේතුවෙන් වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියනිල්ල ප්‍රදේශයේ පවුල් 33ක් ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව ප්‍රාදේශීය ලේකම් අයි.කේ.ජී.මුතුබණ්ඩා මහතා පැවසීය.


    දියනිල්ල ප්‍රදේශයෙහි නාය යන බවට ලද තොරතුරු අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ස්ථානය පරීක්ෂා කොට අවදානම් සහගත බව හේතුවෙන් එම පවුල්වල 129ක් වන සාමාජික සාමාජිකාවන් හරස්බැද්ද දෙමළ මහ විදුහගේ තාවකාලිකව පදිංචි කර තිබේ.

    එම අවතැන්වූවන් පිළිබඳ ව විමසා බැලීම සඳහා පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී.රත්නායක මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අතර අනතුරුව ඒ මහතා අවතැන්වූවන් සඳහා වියළි සලාක ආදිය ද බෙදා දුන්නේය.

    එම ප්‍රදේශයේ පවතින අවදානම් සහිත ස්ථාන පිළිබඳ ව කඩිනමින් සොයා බලා පදිංචිකරුවන්ගේ ආරක්ෂාව වැඩිදුරටත් තහවුරු කරන ලෙස ද අමාත්‍යවරයා එහිදී අදාළ අංශවෙත උපදෙස් දුන්නේය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya