මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාපීය රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ආර්ථික වර්ධනයක්

    නොවැම්බර් 04, 2014

    කලාපීය රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් ලබා තිබෙන බවත් මේ වන විට මෙරට උද්ධමනය 3.8% දක්වා පහළ ගොස් තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (කො.පා.මි.ද.) (2006/07=100) විචලනය මඟින් මනිනු ලබන උද්ධමනය වාර්ෂික සාමාන්‍ය පදනම මත ‍මේ වස‍රේ සැප්තැම්බර් මාස‍යේ පැවැති 4.2% සිට ඔක්තෝබර් මාස‍යේ දී 3.8% දක්වා පහත වැටී ති‍බෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඊට අමතරව උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත ‍මේ වස‍රේ සැප්තැම්බර් මාසයේ පැවති 3.5% සිට ඔක්‍තෝබර් මාස‍යේ දී 1.6% දක්වා පහත වැටී ති‍බෙන බවද එම බැංකුව ‍පෙන්වා ‍දෙයි. ‍මෙය පසුගිය 2009 වස‍රේ ඔක්තෝබර් මාස‍යෙන් පසු වාර්තා කළ අඩු ම අගය ‍වෙයි.

    2014 ඔක්තෝබර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වූ 1.6%ක මාසික පහත වැටීම සඳහා ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් උප කාණ්ඩයේ අයිතමයන්ගේ මිල ගණන් පහළ යාම ප්‍රධාන වශ‍යෙන් හේතු විය. ‍

    මේ සඳහා විදුලි ගාස්තු, එල්.පී. ගෑස් හා ඉන්ධන මිල ගණන් පහත ‍හෙළමින් කළ සං‍ශෝධන ප්‍රධාන වශ‍යෙන් ඉවහල් වී ති‍බේ. ආහාර නොවන කාණ්ඩයේ, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන සහ ප්‍රවාහන යන උප කාණ්ඩයන්හි මිල ගණන් 2014 ඔක්තෝබර් මාස‍යේ පහළ ගිය අතර රෙදිපිළි හා පාවහන්, සෞඛ්‍ය, සන්නිවේදනය, අධ්‍යාපනය සහ විනෝදාත්මක හා සංස්කෘතික යන උප කාණ්ඩයන්ගේ මිල ගණන් මේ මාසය තුළ දී ඉහළ ගි‍යේය.

    මේ අතර ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තුව සහ විවිධ භාණ්ඩ හා සේවා යන අනෙකුත් උප කාණ්ඩයන්ගේ මිල ගණන් මේ මාසය තුළ ‍නො‍වෙනස්ව පැවැතිණි. ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පෙන්නුම් කරන මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2014 සැප්තැම්බර් මාසයේ දී පැවති 3.7%හි සිට ඔක්තෝබර් මාසයේ දී 3.6% දක්වා පහළ ගිය බවද මේ අතර වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය පූර්ව මාසයේ වාර්තා කළ 3.2%හි සිට ඔක්තෝබර් මාස‍යේ දී 3.3% දක්වා ඉහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya