අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නාමල් උයන 25 වන සැමරුම නොවැ: 10 වැනි දා

    නොවැම්බර් 04, 2014

    පූජ්‍ය වනවාසී රාහුල ස්වාමීන් වහන්සේ විසින් දැයට හඳුන්වා දෙන ලද ජාතික නාමල් උයනට වසර 25ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ උත්සවය නොවැම්බර් 10 වැනි දා සවස 3.30ට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.


    එම අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, පරිසරවේදීන්, විශ්වවිද්‍යාල සිසුන් හා කලාකරුවන් බොහෝමයක් ද සහභාගිවීමට නියමිත බව ද රාහුල ස්වාමීන් වහන්සේ පැවසූහ. මේ සම්බන්ධ ව වැඩිදුර අදහස් දැක් වූ උන්වහන්සේ; රෝස තිරුවානා සහ සුදු තිරුවානා නිධි ඇති නාමල් උයනේ ශාක, පස, භූගෝලීය විශේෂතා ආදිය පිළිබඳ ව රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් කරන ලද පර්යේෂණ නිබන්ධයක් හා සංයුක්ත තැටියක් ද මෙම උත්සවයේ දී දොරට වැඩීම සිදු කෙරේ. නාමල් උයන 25 වන සැමරුම වෙනුවෙන් නිවාස නොමැති නමුත් නිවාස සාදා ගැනීමේ උත්සාහයක් ඇති 25 දෙනෙකු වෙනුවෙන් ඊට අධාර සැපයීම ද නිල වශයෙන් සිදු කිරීමට නියමිත ය. ඉහත නිවාස 25න් දැනටමත් එක් නිවසක වැඩ අවසන් කර ඇති බව ත් විදේශිකයන්ගේ ආධාර ද මේ සඳහා ලැබී ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

     

    කාලයේ වැලිතලාවට වැසීගිය අනාදිමත් ඉතිහාසයක් ඇති නාමල් උයන සොයාගෙන ජාතියට පූජා කර දැනට ගත වූ වසර 25ක කාලය තුළ විවිධ බාධක අභියෝග පැමිණිය ද ඒවා කිසිවකට යටත් නො වී තම කශේරුකාව ඍජු ව තබාගෙන වැඩ කළ බව ද තම ඉතිරි ජීවිත කාලය ද ඒ වෙනුවෙන් කැප කරන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

     

    අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කැකිරාව ආසනයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන නාමල් උයන 'රක්ෂිත වනයක්' බවට පත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගෙන ඇති බවත් ඒ වෙනුවෙන් විශේෂයෙන් ස්තුතිය පළ කර සිටින බවත් උන්වහන්සේ පැවසූහ. එසේ ම නාමල් උයනට ජාතික හා ජාත්‍යන්තර ප්‍රසිද්ධිය ලබා දීම වෙනුවෙන් සියලු ම ජනමාධ්‍යවලට උන්වහන්සේ ස්තුතිය පුද කර සිටියහ.

     

    KHJ/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya