අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘බිඳුණු පුටුවට දෑතේ සවියක්' ව්‍යාපෘතියෙන් ලක්ෂ 465ක ඉතිරියක්

    නොවැම්බර් 04, 2014
    'බිඳුණු පුටුවට දෑතේ සවියක්' ව්‍යාපෘතිය යටතේ 2014 වසරේ පමණක් රජයට රුපියල් ලක්ෂ 465ක මුදලක් ඉතිරි කර දුන් බවත් පසුගිය වසර හතරක සමස්තයක් ලෙස ගත් කල මිලියන 37ක්  වියදම් කොට රුපියල් මිලියන 241ක් වටිනා ලී බඩු පාසල්වල භාවිතයට එකතු කොට තිබෙන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසී ය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දින 'බිඳුණු පුටුවට දෑතේ සවිය' ව්‍යාපෘතියට සමගාමී ව පැවැති උත්සවයට සහභාගි වෙමිණි.
     
    මෙම ව්‍යාපෘතියෙන් මිලියන 204ක් රජයට ඉතුරු කර දීමට හැකි ව තිබෙන බවත් ඒ මහතා පැවසී ය.
     
    "2011 වසරේ සිට 2014 වන විට පාසල් 899ක මේ ව්‍යාපෘතිය අපි ක‍්‍රියාත්මක කරලා තියෙනවා. මේ වසරේ අපිට පුළුවන් වෙලා තියෙනවා ලක්ෂ 79ක් වියදම් කරලා රුපියල් ලක්ෂ 544ක් වටින ලී බඩු පාසල්වල භාවිතයට එකතු කරන්න". 
     
    "අද මේ ගෝලීය උණුසුම වැඩි වෙලා අපේ දේශගුණය වෙනස් වෙලා තියෙනවා. අපි දන්නවා මාස හයක් ලංකාවේ අඛණ්ඩව වහිනවා ජූනි මාසේ ඉඳන්. දැන් නාය යෑම් සිද්ධ වෙනවා. මේ දේශගුණික විපර්යාසවලට හේතුව තමයි ගෝලීය උණුසුම ඉහළ යෑම. ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතුව තමයි අපි වැඩි වැඩියෙන් පරිසරයට කාබන් මුදාහැරීම. වාහනවල ඉන්ධන භාවිත කරලා, කර්මාන්ත ශාලාවල ඉන්ධන භාවිත කරලා වැඩි වැඩියෙන් පරිසරයට දැන් කාබන් මුදාහැරෙනවා. දැන් මේ කාබන් වැඩි නිසා තමයි මේ දැවැන්ත විනාශය සිද්ධ වෙන්නේ. හැබැයි මේ පරිසරයේ තියෙන මේ වැඩි කාබන් ප‍්‍රමාණය නැවත උරාගන්න පුළුවන් ගස්වැල්වලට පමණ ම යි. ඒ නිසා අද බටහිර ජාතීන් උමුතුවෙන් වගේ ගස් වවනවා".
     
    "අද දින මේ අවස්ථාවට සහභාගීවී සිටින සුසිල් පේ‍්‍රමජයන්ත පරිසර ඇමැතිතුමාගෙන් පරිසරවේදීන් වෙනුවෙන් මා ඉල්ලීමක් කරනවා. පරිසරවේදීන්ගේ දැවැන්ත ඉල්ලීමක් තියෙනවා මේ රට නාය යන එක වළක්වාගන්න නම් ශ‍්‍රී ලංකාවේ අඩි පන්දහසට ඉහළ භූමියේ සියලු ම මිනිස් ක‍්‍රියාකාරකම් නතර කරන්න  ඕනේ. අපේ අඩි පන්දහසට වඩා ඉහළ පදිංචි වෙලා ඉන්න ජනතාව ඉවත් කරන්න  ඕනේ. ගල් කඩන එක, වගා කරන එක, කැලෑ කපන එක අපි ඉහළ කඳුකරයේ සම්පූර්ණයෙන් නතර කරන්න ඕනේ. පරිසරවේදීන්ගේ මේ ඉල්ලීම පරිසර ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතාට මේ මොහොතේ දී ඉදිරිපත් කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා" යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
     
    'බිඳුණු පුටුවට දෑතේ සවිය' ව්‍යාපෘතිය සංවිධානය කරන ලද්දේ බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසිනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya