අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද ග‍්‍රාමීය පාසල් සංවර්ධනයට විශේෂ ව්‍යාපෘතියක්

    නොවැම්බර් 04, 2014

    උතුරු මැද පළාතේ ග‍්‍රාමීය පාසල් සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කර ඇති බවත් නගරයට පමණක් සීමා වී තිබූ උසස් අධ්‍යාපන පහසුකම් ගමට ගෙන යෑමට මහින්ද රාජපක්‍ෂ රජය ඉතිහාසයේ පළමු වරට පියවර ගෙන තිබෙන බවත් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ මිහින්තලේ මැතිවරණ කොට්ඨාසයේ තිරප්පනේ, ලබුනෝරුව විදුහලේ පාසල් ගොඩනැගිල්ලක්  ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    2005 ජනාධිපති පදවියට පත්  මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ "කොළඹට කිරි - ගමට කැකිරි" ප‍්‍රතිපත්තිය අවසන් කිරීමට පියවර ගත්තා. එදා නගරයේ පාසලට තිබූ සියලු ම පහසුකම් මේ වන විට හද්දා පිටිසර ගමට ලබා දෙමින් සිටිනවා. කොළඹ ආනන්ද, නාලන්ද, රාජකීය විදුහල්වල දරුවන්ටත් වඩා අද උතුරු මැද පළාතේ පාසල් දරුවන් ඉගෙනීමේ කටයුතුවලදී ද ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේදී ද නව නිපැයුම්වලදී ද දක්‍ෂකම් දක්වා ඇති  බව අමාත්‍යවරයා කීය.

    මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර, තාක්‍ෂණික විද්‍යාපීඨ, තොරතුරු තාක්‍ෂණය ගමේ දරුවන්ට ලැබෙමින් පවතින බව ද ග‍්‍රාමීය පාසල් සඳහා අවශ්‍ය ගොඩනැගිලි හා ගුරුවරු ද ලබා දෙමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන, පළාත් සභා මන්ත‍්‍රී සරත් ඉලංගසිංහ යන මහත්වරු ද සහභාගී වී සිටියහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya