අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම්ප‍්‍රදායික වී කිලෝවකට රුපියල් 60ක සහතික මිලක්

    නොවැම්බර් 04, 2014

    ශ‍්‍රී ලංකාවට ආවේණික වූ පැරණි සාම්ප‍්‍රදායික වී කිලෝ එකක් රුපියල් 60ක මිල ගණන් යටතේ මිල දී ගැනීමට රජය තීරණය කර ඇතැයි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.


    උතුරු මැද පළාතේ ගොවීන් ලක්‍ෂයකට පැරණි බිත්තර වී නොමිලේ ප‍්‍රදානය කර සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රාජාංගනයේ ගොවීන් වෙත සාම්ප‍්‍රදායික බිත්තර වී බෙදා දෙමින් පසුගියදා අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    එහිදී ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද කීය. "අපේ මුතුන් මිත්තන් වගා කර ආහාරයට ගත් පැරණි සහල් වර්ග වස විෂවලින් තොර වූවා සේ ම මනා පෝෂණ ගුණයෙන් ද යුක්ත විය. නවීන විද්‍යාව හේතුවෙන් ඉපැරණි වී වර්ග වගා කිරීම රටෙන් තුරන් වී යමින් පවතිනවා. කෘෂි රසායන, පොහොර වී වගාවට බහුල වශයෙන් යෙදීම හේතුවෙන් අද වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවට මතයක් තියෙනවා.

    සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීම උදෙසා ජනාධිපතිතුමාගේ මගපෙන්වීම අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා උතුරු මැද පළාත් සභාව ඒකාබද්ධ ව උතුරු මැද පළාතේ සාම්ප‍්‍රදායික පැරණි වී වර්ග අක්කර ලක්‍ෂයක වගා කිරීම සඳහා නොමිලේ බිත්තර වී  බෙදා හරිමින් සිටිනවා.  මෙම පැරණි  වී කිලෝ එකක් රුපියල් 60ක මිල ගණන් යටතේ මිල දී ගැනීමට ද රජය තීරණය කර ඇති බව" අමාත්‍යවරයා  කීය.


    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ද සහභාගී විය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya