අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහිඳු සෙත් මැඳුරේ වෛද්‍ය සායනයක්

    නොවැම්බර් 04, 2014

    සිද්ධාලේප ආයුර්වේද සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දේශබන්ධු වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ මහතා, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඊයේ (03) රණ විරුවන් සඳහා ඉදිකරන ලද අත්තිඩියේ මිහිඳු සෙත් මැඳුරේදී එහි නේවාසිකව සිටින රණ විරුවන් සඳහා ආයුර්වේද වෛද්‍ය සායනයක් පැවැත්වීය.

     

    සිද්ධාලේප ආයතනයේ 80 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ‍සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මිය සහභාගී වූවාය.

    මෙහිදී සිද්ධාලේප ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ හා ප්‍රධාන වෛද්‍ය නිලධාරී ‍වෛද්‍ය ටියුඩර් සේනාධීර මහතා ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් විසින් මෙම මිහිඳු සෙත් මැඳුරේ නේවාසිකව සිටින රණ විරුවන් සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රම උපයෝගී කරගෙන විවිධ ප්‍රතිකාර සිදු කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා සිද්ධාලේප ආයුර්වේද සමූහ ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු වික්ටර් හෙට්ටිගොඩ, කළමනාකාර අධ්‍යක්ෂ අශෝක හෙට්ටිගොඩ, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවන් වන රූපා හෙට්ටිගොඩ, විද්‍යානි හෙට්ටිගොඩ, ලංකානි හෙට්ටිගොඩ හා අනූෂා හෙට්ටිගොඩ යන මහත්ම මහත්මීහු ද සහභාගී වී සිටියහ.

    මෙම වෛද්‍ය කණ්ඩායම ඉදිරියේදී සතියකට වරක් පැමිණ ආයුර්වේද ප්‍රතිකාර මෙම රණ විරුවන්ට ලබාදෙන බවත් එම ප්‍රතිකාර දිගට ම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මිහිඳු සෙත් මැඳුරේ සිටින කාර්යමණ්ඩලයට අවශ්‍ය පුහුණුවක් ලබාදෙන අතර අවශ්‍ය සියලු ම බෙහෙත් ද්‍රව්‍ය තම සිද්ධාලේප ආයුර්වේද රෝහල මඟින් නොමිලේ ලබාදෙන බවත් කළමනාකාර අධ්‍යක්ෂ අශෝක හෙට්ටිගම මහතා ප්‍රකාශ කළේය.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya