අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාත් සභාවේ මැති ඇමතිවරුන් හා පුනරුත්ථාපන අභ්‍යාසලාභීන් අතර හමුවක්

    නොවැම්බර් 04, 2014

    වව්නියාව පූන්තෝට්ටම් කඳවුරෙහි පුනරුත්ථාපනය ලබන අභ්‍යාසලාභීන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා දකුණු පළාත් සභාවේ මැති ඇමතිවරුන් කීපදෙනෙකු පසුගියදා එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගියහ. 


    එසේ ගිය ආරාධිතයන්, එම අභ්‍යාසලාභීන් විසින් ඉතාමත් සුහදශීලීව පිළිගන්නා ලදී. ඔවුන්ගේ විවිධ ප්‍රසංගයක් ද එම අමුත්තන් සඳහා ඉදිරිපත් කළහ.

    මෙසේ ගිය මැති ඇමතිවරුන්, පුනරුත්ථාපන අභ්‍යාසලාභීන් සමඟ සුහද පාපන්දු තරගයක් ද එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පාපන්දු පිටියේදී පැවැත් වූහ. මෙම තරගයෙන් ඉතා විශිෂ්ට ජයක් පුනරුත්ථාපන අභ්‍යාසලාභීන්ගේ කණ්ඩායම දිනාගත් හ. මෙම ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර සහ දකුණු පළාත් සභාවේ යෞවන කටයුතු, කාන්තා කටයුතු, රැකීරක්ෂා හා ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සභාවේ මන්ත්‍රී බිංදු වීරසිංහ මහතා සහ දිවයිනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ද සහභාගී සිටියහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya