මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරීයබැද්ද සිද්ධියෙන් දෙමාපියන් අහිමිවී ඇත්තේ දරුවන් තිදෙනෙකුටයි

    නොවැම්බර් 04, 2014
    මීරියබැද්ද නාය යෑම හේතුවෙන් දෙමාපියන් අහිමි ව ඇත්තේ දරුවන් තිදෙනෙකුට පමණක් බවත් මව පමණක් අහිමි දරුවන් 04 දෙනෙකුද සිටින බවත් ඉතිරි දරුවන්ගේ දෙමාපියන් සිටින බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    මේ වන විට 08 දෙනෙකුගේ සම්පූර්ණ සිරුරු සොයාගෙන ඇති අතර එක් පුද්ගලයෙකුගේ ශරීර කොටසක් ද හමු වී ඇත. මේ වන විට 31දෙනෙකු අතුරුදන් වී ඇතැයි අනුමාන කෙරේ. 
     
    මෙම දත්තයන් අඩුවැඩි වීමේ අවස්ථාව ද පවතින බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම ප්‍රදේශයේ මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ දී සිටි පිරිස නිශ්චිතව කිව නොහැකි බැවින් දත්තයන් නිවැරදි ව ප්‍රකාශ කළ නොහැකි බවත් පෙන්වා දුන්නේය.
     
    නාය යෑම හේතුවෙන් පේලි නිවාස 06ක්, නිල නිවාස 02, කඩ කාමර 02ක්, කෝවිල් 02හා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විනාශයට පත් ව ඇත.
     
    මෙම සිදුවීමට අදාළ ව කදවුරු තුළ 296 දෙනෙක් හා සිද්ධියට අතිරේකව 1755දෙනෙක්, බදුල්ල දිස්ත්‍රික්කය තුළ 3849ක් හා රටපුර 7575දෙනෙක් අවතැන් කඳවුරු තුළ රැඳී සිටින බවත් මෙම සියලු දෙනාට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට රජය කටයුතු කොට ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම නාය යෑම සිදු වු ස්ථාන නැරඹීමට හෝ ඡායාරූප ගැනීමට නොපැමිණෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ආපදා කළමනාකරණ අමාත්‍යවරයා මෙම කඳවුරු තුළට මහජන නියෝජිතයන්, රජයේ නිලධාරීන් හා මාධ්‍යවේදීන්ට ඇතුළුවීමේ හැකියාව පවතින බවත් සෙසු සියලු දෙනා පෙර අවසරයකින් යුතු ව මෙම ස්ථාන වෙත ඇතුළුවිය යුතු බවත් දන්වා සිටී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya