අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද රටට අවශ්‍ය මහජනතාවට වඩාත් සමීප, මිත්‍රශීලි පොලිස් සේවයක්

    නොවැම්බර් 04, 2014
    තිස් වසරක් පුරා ඇවිළි ගිය ත්‍රස්තවාදය තුළ ශ්‍රි ලංකා පොලිසියත් ඒ යුද්ධයේ කොටස්කරුවන්වී දැවැන්ත කාර්ය භාර්යක් රට වෙනුවෙන් ඉටු කළ බවත් ඒ යුගයේ පොලිසිය සහ ජනතාව අතර එතරම් සමීප සම්බන්ධයක් නොතිබුණු බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා බලංගොඩ සහකාර පොලිස් අධිකාරි කාර්යාලය විවෘත කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
     
    යුද්ධය නිමාවීමත් සමඟම පොලිසිය හා ජනතාව අතර දුරස්ථ බව නැති ව තිබෙන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවට වඩාත් සමීප මහජන මිත්‍රශීලි පොලිසියක් රට තුළ නිර්මාණය වී තිබෙනවා යැයි ද සෙනෙවිරත්න මහතා පැවසීය. 
     
    "අද අපි රටක් ලෙස දැවැන්ත සංවර්ධන ගමනකට මුලපුරලා තියෙනවා. මේ තුළ සමාජ අවශ්‍යතා පුළුල්වෙලා තියෙනවා. එහිදි පොලිසියටත් පැවරුණු විශාල වගකීමක් තියෙනවා. මොකද සිවිල් සමාජය සාමකාමීව පවත්වාගෙන නොගියොත් අපේක්ෂා කරන සංවර්ධනය ළඟා කරගැනීමට බැරිවෙනවා. මේ සිවිල් අවශ්‍යතාවයන් හඳුනාගෙන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබුණ පොලිසිය, අද සිවිල් අමාත්‍යාංශයක් යටතට පත් කිරිමට අපේ රජය කටයුතු කරලා තියෙනවා. ඒවගේම පොලිස් දෙපාර්තමේන්තුව නවීන ලෝකයට ගැළපෙන පරිදි තාක්ෂණයෙන් දැනුමෙන් සහ පුහුණුවෙන් සන්නද්ධ කිරිමට පියවර රැසක් අපේ රජය පසුගිය කාලයේ අරගත්තා. ඒ වගේම මානව සම්පත වැඩිදියුණු කිරිමටත් කටයුතු කරලා තියෙනවා. මේ දේවල් කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ පොලිසියත් ජනතාවත් අතර සමීප සම්බන්ධයක් ගොඩනැඟීමයි" යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    අභිනව පොලිස් අධිකාරි කාර්යාලය ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 27 මුදලක් වැයකර ඇති අතර මෙමඟින් බලංගොඩ, කල්තොට, වැලිගෙපොල සහ ඕපනායක පොලිස් ස්ථාන අධීක්ෂණය සිදුකිරිමට නියමිතය. 
     
    මේ විවෘත කිරිමේ උත්සවයට සබරගමු පළාත් අමාත්‍යවරුන් වන භානු මුනිප්‍රිය, අතුල කුමාර රාහුබද්ධ යන මහත්වරු ද ඉඹුල්පේ ප්‍රාදේශිය සභා සභාපති ඉන්දු ගුණතිලක, බලංගොඩ ප්‍රාදේශිය සභා සභාපති සුනිල් ප්‍රේමසිරි මහත්වරු ද බලංගොඩ නගරාධිපති නිමල් ගාමිණි වීරසිංහ මහතා ද, පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා ඇතුළු විශාල පිරිසක් ද සහභාගිවී සිටියහ. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya