අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාය යෑමෙන් විපතට පත් ජනතාවට මඩකළපුවෙනුත් සහනාධාර

    නොවැම්බර් 03, 2014
    පසුගිය දා නාය යෑමෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ආහාර සහ ඇඳුම් පැලදුම් ඇතුළු වියළි සලාක සහ සහනාධාර ලබා දීමට මඩකළපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගත්තේ ය.
    පසුගිය සිකුරාදා (ඔක්. 31) මඩකළපු දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය  මඩකළපු ජනතාවගෙන් වියළි සලාක හා සහනාධාර  එක්රැස් කිරීම ආරම්භ කළේ ය.
     
    විපතට පත් ජනතාවට ලබාදීම සඳහා ලොරි රථ 4ක බහාලූ වියළි සලාක සහ සහනාධාර මඩකළපු අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ගිරිධරන් මහතා විසින් බදුල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට ඊයේ (02) බාර දෙන ලදී.
     
    ඉන් ලොරි රථ 2ක් එසැණින් ම බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට යවන ලද අතර අනෙක් වියළි සලාක සහ සහනාධාර පූනාගල සහන කඳවුරේ සිටින අවතැන් වූ ජනතාවට බෙදා දෙන ලදී.
     
    මේ සඳහා මඩකළපු දිස්ත්‍රික්ක වෙළඳ කර්මාන්ත සහ කෘෂිකාර්මික සංගමය මඟින් රුපියල් 50,000 ක මූල්‍යමය ආධාර හා රුපියල් ලක්ෂයක් වටිනා වියළි සලාක සහ සහනාධාර ලබා දී ඇත.
     
    SDF/LDA_dmu_batti
     
    Donation from Batti 2
    Donation from Batti 5
     
    Donation from Batti 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya