අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුවේ පාසල් ළමුන්ට සංස්කෘතිකාංග තරඟයක්

    නොවැම්බර් 03, 2014
    මඩකළපු දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සඳහා සංස්කෘතිකාංග තරඟයක් පසුගිය සෙනසුරාදා (01) මඩකළපු මහජන විද්‍යාලයේ දී පැවැත්විණි.
    මඩකළපු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක පාසල්වල ළමුයි මෙම තරඟයට සහභාගී වූහ.
     
    ඒක පුද්ගල සංස්කෘතික නර්තන, කණ්ඩායම් සංස්කෘතික නර්තන, සංගීත නිර්මාණ, ගීත ගායනා, නිවේදනය, චිත්‍ර, කෙටිකතා සහ රචනා යන අංග රැසකින් මෙම තරඟය පැවැත්විණි.
     
    මඩකළපු දිවි නැගුම දෙපාර්තමේන්තුව විසින් මෙය සංවිධානය කර ඇත. මෙම තරඟයෙන් ජයග්‍රහණය ලැබූ පාසල් ළමුන් ජාතික තලයේ සංස්කෘතිකාංග තරඟ සඳහා ද ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
     
    දිවි නැගුම දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ පී. ගුණරත්න සහ සහකාර අධ්‍යක්ෂ එෆ්. මනෝගිදරන් යන මහත්වරු ඇතුළු පාසල් ළමුයි, ගුරුවරු මෙම උත්සවයට එක් වූහ. 
     
    SDF/LDA_dmu_batti
    Cultural event 1Cultural event 2Cultural event 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya