මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාඋස්සා කැලේ ජලාශයට මිරිදිය ඉස්සන් 110,000ක්

    නොවැම්බර් 03, 2014

    මිරිදිය වගා ඉස්සන් මුදා හැරීමේ වැඩසටහනක් පසුගියදා මාඋස්සා කැලේ ජලාශය අශ්‍රිත ව සිදු කළ අතර කුඩා මිරිදිය ඉස්සන් 110,000ක ප්‍රමාණයක් මෙසේ මුදා හැරීම මධ්‍යම පළාත් ධීවර අමාත්‍යවරයාගේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    මධ්‍යම පළාත් සභාවේ ධීවර සහ කෘෂිකර්ම කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත මෙම මිරිදිය ඉස්සන් ජලාශය වෙත මුදා හැරීම සිදු විය. තංගල්ල කහඳමෝදර මිරිදිය ඉස්සන් වගා කිරීමේ අභිජනන මධ්‍යස්ථානය මඟින් මෙම මිරිදිය ඉස්සන් ලබා ගැනීම සිදු කොට ඇති අතර මාස 06ක් පමණ කල්ගත වන විට එක් ඉස්සෙකුගේ බර 500g – 600g දක්වා ප්‍රමාණයට වැඩේ.

    මේ වන විට ඉස්සන් කිලෝවක් රුපියල් 700-1000ක් අතර ප්‍රමාණයට විකුණා ගත හැකි බව ධීවර ජනතාවගේ අදහසයි. සාමාජිකයන් 50කට ආසන්න සංඛ්‍යාවක් මෙම මිරිදිය ධීවර කර්මාන්තය තුළින් යැපේ. ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් මෙහෙයුම් ඒකකය මෙම වැඩසටහන දියත් කර ඇත.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya