මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ පාරිභෝගිකයන් රවටන වෙ‍ළඳසැල් වටලයි

    නොවැම්බර් 03, 2014

    පසුගිය සති කිහිපය තුළ නුවරඑළිය දිස්ත්‍රික් මිනුම් ඒකක හා ප්‍රමිති සේවා ඒකකය මෙන් ම පාරිභෝගික අධිකාරියේ වැටලීම් ඒකකය විසින් තෝරාගත් ප්‍රදේශ කිහිපයන් හි වැටලීම් රැසක් සිදු කිරීමට සමත් විය.


    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් පරිදි මෙම හදිසි වැටලීම් ක්‍රියාත්මක වූයේ පසුගියදා පැවැත්වූණු දීපවාලී උත්සවයට සමගාමීවයි.

    ඒ අනුව හැටන්, තලවකැලේ, පදියපැලැල්ල, හඟුරන්කෙත යන ප්‍රදේශයන් හි වෙළෙඳසැල් 100ක් පමණ දිස්ත්‍රික් මිනුම් ඒකක ප්‍රමිති සේවා ඒකකය පරීක්ෂා කළ අතර ඒ අතුරින් මුද්‍රා නොමැති තරාදි, නියමිත බර ප්‍රමාණය නොමැති පාන් වැනි දෑ අනාවරණය කරගැනීමට සමත් විය. නුරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය වෙළෙඳසැල් 40ක් පමණ දීපවාලී දින කිහිපය තුළ අඛණ්ඩ පරීක්ෂාවට ලක් කිරීම සිදු විය. ඒ අනුව කල් ඉකුත් වූ ආහාරපාන අලෙවිය, බිල්පත් ඉදිරිපත් නොකිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම යනාදී නිවැරදි නොවන පාරිභෝගිකයින් නොමග යවන ආකාරයේ තත්ත්වයන් 35කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගැනීම මෙහිදී සිදු විය.

    එවැනි කූට වෙළෙන්දන් වෙත ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය. උත්සව කාල සීමාවන් තුළ මෙවැනි හදිසි වැටලීම් බොහෝ සෙයින් සිදු කෙරෙන අතර පසුගිය කාල සීමාව තුළ එවැනි වෙළෙන්ඳන් වෙත නඩු පැවරීම තුළින් දඩ මුදල් බොහෝ ප්‍රමාණයක් අයකර ගැනීමට හැකි විය.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya