මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙරපාසල් දුවා දරුවන්ගේ හැකියා ප්‍රවර්ධන වැඩසටහනක් නුවරඑළියේ දි

    නොවැම්බර් 03, 2014

    පෙරපාසල් දුවා දරුවන්ගේ ක්‍රීඩාශීලීත්වය සහ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා සංවිධානය කෙරුණු විශේෂ වැඩසටහනක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි.


    දුෂ්කර ප්‍රදේශයන්හි තෝරාගත් පෙර පාසල් 07ක දුවා දරුවන් 80කට ආසන්න සංඛ්‍යාවක් මේ අවස්ථාව සඳහා සහභාගී වූහ. කුඩා දුවා දරුවන්ගේ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීම, ළමුන්ගේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම, ශාරීරික යෝග්‍යතාව වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන ඒකකය මේ සඳහා අවශ්‍ය සම්පත් දායකත්වය සැපයෙන අතර නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ විය.

    ළමා ලේකම් කාර්යාලයේ මුල්‍ය ප්‍රතිපාදන මත නුවරඑළිය දිස්ත්‍රික් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඒකකය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

    වැඩසටහන අවසානයේ සියලු ම දුවා දරුවන්ට පෙරපාසල් පොත් කට්ටලයක් ත්‍යාග ලෙස ලබා දුන් අතර දිවා ආහාරය ද සැපයීය. මේ අවස්ථාව සඳහා දුවා දරුවන්ගේ දෙමව්පියන් සහ පෙරපාසල් ගුරුවරගුරුවරියෝ ද සහභාගී වී සිටියහ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya