මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි බී කලාපයේ ජානපදිකයන්ට ස්ථිර ඉඩම් ඔප්පු

    නොවැම්බර් 03, 2014

    මහවැලි බී කලාපයේ ජානපදිකයන්ට ස්ථිර ඉඩම් ඔප්පු ලබාදීම වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 06 දින මනම්පිටිය ප්‍රතිභා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.


    මෙහිදී මහවැලි ගොවි පවුල් 2,000ක් සඳහා ස්ථිර ඉඩම් ඔප්පු පිරිනැමීම සහ පවුල් 500ක් සඳහා අවසරපත්‍ර ලබාදීම සිදු කරන බව මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර පී.සී. දයානන්ද මහතා පැවසීය.

    දිඹුලාගල, දම්මින්න, විජයබාපුර, සෙවණපිටිය, සිංහපුර, අසේලපුර, ඇල්ලේවැව සහ සේනපුර යන මහවැලි ප්‍රදේශයේ ගොවිජනපද 48ක් සඳහා කෘෂි උපකරණ ලබාදීම ද සිදු කරනු ඇත. උතුරු මැද පළාත් චිත්‍ර තරගයෙන් ජයග්‍රහණය කරනු ලැබූ මහවැලි දරු දැරියන් වෙත සහතිකපත්‍ර හා ත්‍යාග ප්‍රදානය ද වැලිකන්ද, මහවැලි සංවර්ධන මධ්‍යස්ථාන පරිගනක පාඨමාලාව නිමකරන ලද සිසු සිසුවියන්ට සහතිකපත් පිරිනැමීම ද මෙහිදී සිදු කිරීමට නියමිතය.

    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දේශපාලන නියෝජිත පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya