මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර මහ රෝහල් නව ඉදිකිරීම් රැසකට මුල්ගල් තැබීම අද

    ඔක්තෝබර් 31, 2014
    09 වැනි දැයට කිරුළ ජාතික සංවර්ධන ව්‍යාපෘතියේ මාතර නව නගර පාලන සැලැස්ම අනුව ඉදිකිරීමට යෝජිත මාතර මහ රෝහල් සය මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය, වෛද්‍ය නිල නිවාස සංකීර්ණයට හා හෙද විදුහල් සංකීර්ණයට මුල්ගල් තැබීම අද (31) සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
     
    ඒ අනුව මාතර මහ රෝහල් සය මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය සඳහා රුපියල් මිලියන 836ක්, වෛද්‍ය නිල නිවාස සංකීර්ණය සඳහා රුපියල් මිලියන 520ක් සහ හෙද විදුහල් සංකීර්ණය සඳහා රුපියල් මිලියන 320ක් වැය වෙතැයි ඇස්තමේන්තු කොට ඇත.
     
    මෙම අවස්ථාවට යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya