මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක ආර්ථික ස්ථාවරත්වයට රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශය ම එක සේ වැදගත්

    ඔක්තෝබර් 31, 2014

    රටක ආර්ථික ස්ථාවරත්වය රඳා පැවතීමට රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශය ම එක සමාන ව බලපාන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.


    එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර අයවැයෙන් රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයට ම සහන ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව ද හෙතෙම කීවේය.

    ශ්‍රී ලංකා ආයෝජන කලාපයන්හි ආරක්ෂාව වෙනුවෙන් ජපන් රජය රුපියල් මිලියන 50ක වියදමින් පරිත්‍යාග කළ ගිනි නිවීමේ රථ 05ක්  ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හෝබෝ මහතා විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වෙත කටුනායක ආයෝජන කලාපයේදී පෙරේදා (29) බාර දුන් අතර එහිදී පැවති රැස්වීම අමතමින් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කෙළේය.

    ආර්ථික, දේශපාලනික ස්ථාවරභාවය හා යටිතල පහසුකම් ලබාදීමට හැකි නම් ඒ රටේ ආයෝජනයන් සිදුකිරීමට ඕනෑ ම රටක් සූදානම් බවත් අපේ රට ද අද වන විට එවැනි තත්ත්වයකට පත් ව සිටින බවත් යාපා මහතා කියා සිටියේය.

    තමන් සහභාගී වූ ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ පෙළේ ආයෝජන සමුළු දෙකක් පසුගියදා ජපානයේ පැවැත්වුණු බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ටෝකියෝ - මිට්සුබිෂි බැංකුව, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක් ව මෙම සම්මන්ත්‍රණ ඔසාකා හා ටෝකියෝ හි දී සංවිධානය කර තිබු බවත් යාපා මහතා ප්‍රකාශ කෙළේය.
     
    ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගය, ගුවන් සේවා, නාවික, මූල්‍ය සේවා ආදියෙන් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ සංකල්පය හා මෙම සංධිස්ථානයේ දී ජපාන සමාගම් හා කර්මාන්ත ශ්‍රී ලංකාව සමඟ එක් ව සිටීමේ වැදගත්කම මෙම සම්මන්ත්‍රණවලදී ඉස්මතුකොට දැක්වීමට තමන්ට හැකි වූ බව ද අමාත්‍යවරයා පැවැසීය.
     
    සුදුසු ම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවෙන් ප්‍රයෝජන ලබා ගන්නා ලෙස ජපාන සමාගම් හා කර්මාන්තයන්ගෙන් ඉල්ලා සිටි බව ද යාපා මහතා කීවේය.

    ඔසාකා සම්මන්ත්‍රණය සඳහා 70කට අධික පිරිසක් ද, ටෝකියෝ සම්මන්ත්‍රණය සඳහා 150කට අධික පිරිසක් ද සහභාගි වූ බව පැවසු ඒ මහතා ඊට මැති ඇමැතිවරුන් 38ක් හා අගමැතිවරුන් දෙදෙනකු එක් ව සිටි බව ප්‍රකාශ කෙළේය.

     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya