මෙම නව ව්‍යාපෘතියට අනුව නිවාස ඒකක 608කින් යුත් මහල් 21කින් යුත් නිවාස සංකීර්ණයක් වන මෙම නව නිවාස ව්‍යාපෘතියේ වර්ග දෙකකින් යුත් නිවාස ඉදි කරනු ඇත. එනම් වර්ග අඩි 650කින් යුත් නිවාසයන් හා වර්ග අඩි 800කින් යුත් නිවාසයන්ය.
මෙම වර්ග අඩි 650කින් යුත් නිවාස ඒකකයක් නිදන කාමර 02ක් විසිස්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, ටයිල් ඇතිරූ ගෙබිම හා නාන කාමර පද්ධතියකින් ද සමන්විත වන අතර වර්ග අඩි 800කින් පමණ යුත් නිවාස ඒකකයක නිදන කාමර 03ක්, විසිස්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, ටයිල් ඇතිරූ ගෙබිම හා නාන කාමර පද්ධතියකින් ද
සමන්විතය.
වර්ග අඩි 650ක නිවාස ඒකකයක් සඳහා මිල රුපියල් මිලියන 7.7ක් වන අතර වර්ග අඩි 800කින් සමන්විත නිවාස ඒකකයක මිල රුපියල් මිලියන 8.9ක් පමණ වේ.
අක්කර 2 රූඩ් 2 පර්චස් 40ක නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමි භාගයක ඉදිකරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4,499ක් පමණ වැය වෙතැයි ඇස්තමේන්තු ගත කර ඇති අතර මෙම ව්‍යාපාතිය වසර 03ක් වැනි කෙටි කාලයක දී අවසන් කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කරමින් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ දිවයිනේ ඈත එපිට ප්‍රදේශවල සිට කොළඹ නගරයට පැමිණ සේවය කරන රාජ්‍ය සේවකයන්ට දීර්ඝ කාලයක සිට තිබූ දැවෙන ප්‍රශ්නයක් වන නිවාස ප්‍රශ්නයට පිළියමක් වශයෙන් ආරම්භ කරනු ලබන ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ලෙස මෙය නම් කිරීමට හැකි බවයි.
මෙමගින් ඔවුනට දැරීමට හැකි මුදලකට මෙහි නිවාස ඒකක ලබාදීම ප්‍රධාන අරමුණ වු බව පවසා සිටි ඒ මහතා පෞද්ගලික අංශය විසින් ද මෙවැනි ව්‍යාපෘතීන් ආරම්භ කරනු ලැබ ඇති බවත් එහි නිවාස ඒකකයක් මීට වඩා අධික මිල ගණන්වලට විකුණනු ලබන බවත් රාජ්‍ය සේවකයනට එකී මිල ගණන් ඔවුන්ගේ වැටුපට අනුව දරා ගැනීමට අපහසු බවත් පවසා සිටි අතර මෙමගින් එම අපහසුතාව දුරු කර ඔවුනට ලබාගත හැකි මුදලකට නවීන ගෘහ නිර්මාණ ක්‍රම ඇතුළත් කර වඩා හොඳ නිවසක් ලබාදීමට අපේක්ෂා කරන බවද පවසා සිටියේය.
නිවසක් යන්න සෑම පවුලකට ම අත්‍යවශ්‍ය දෙයක් පව පැවසූ ආරක්ෂක ලේකම්වරයා එනිසා ම මෙම ව්‍යාපෘතිය වඩා හොඳින් හා සාර්ථකව නිමා කර දෙන ලෙස මෙයට සම්බන්ධ වී සිටින පෞද්ගලික අංශයෙන් ද ඉල්ලා සිටින බව මෙහිදි අවධාරණය කර සිටියේය.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාතයාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) එස්. හෙට්ටිආරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, අධ්යක්ෂ ජනරාල් හර්ෂාන් ද සිල්වා, අතිරේක අධ්යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් සමන්ත ජයසුන්දර, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්යක්ෂ බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්යක්ෂ ඊ.ඒ.සී. ප්‍රියශාන්ත, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුන් හා නිවාසලාභීන් ලෙස තෝරා ගන්නා ලද රජයේ සේවකයෝ විශාල සංඛ්‍යාවක් ද සහභාගි වී සිටියහ.