නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙර පාසල් දරුවන්ට ලබන වසරේදීත් නොමිලේ නැවුම් කිරි වීදුරුවක්

    ඔක්තෝබර් 30, 2014
    පෙර පාසල් දරුවන් සඳහා නොමිලේ නැවුම් කිරි වීදුරුවක් ලබාදීමේ වැඩසටහන ලබන 2015 වසරේදීත් ක්‍රියාත්මක කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගනී. ඒ සඳහා මෙම අමාත්‍යාංශය රුපියල් මිලියන 250ක්  වෙන් කර තිබේ.
     
    අඩු අදායම්ලාභී පවුල්වල දරුවන්ගේ පෝෂණ තත්ත්වය නඟාසිටුවීමටත්, දේශීය කිරි නිෂ්පාදනය වැඩිකර ග්‍රාමීය මට්ටමේ සුළු කිරි ගොවීන්ගේ අදායම් තත්ත්වය වැඩිදියුණු කිරීමත් අරමුණු කරගනිමින් මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2006 වසරේ සිට රජය ආරම්භ කරන ලද මෙම වැඩසටහන 2011 වසරේ සිට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කෙරේ.
     
    ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    කිරි වීදුරුව වැඩස‍ටහන ක්‍රියාත්මක කිරීමේ දී දැනට මතුව ඇති ගැටලු පිළිබඳව මෙහි දී  දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.
     
    ඒ අනුව ඇතැම් ප්‍රදේශවලින් කිරි ගොවීන් සොයාගැනීමේ අපහසුව මඟහරවා ගැනීමට කිරිගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් කිරිගවයන් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ද, ප්‍රවාහන වියදම් ද ඇතුළු ව කිරි ලීටරයක් සඳහා මේ වන විට ගෙවන රුපියල් 60ක මුදල ලබන වසරේ සිට රුපියල් 70 දක්වා වැඩිකර ඇති  බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.
     
    ඒ බව 2015 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ද පසුගියදා ප්‍රකාශ කළේ ය.
     
    එසේ ම සෙම් රෝග, අජීර්ණ තත්ත්ව ඇතිවේ යැයි බියෙන් ඇතැම් පෙර පාසල් ගුරුවරුන්, දෙමාපියන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට දක්වන අනියත බිය පහකිරීම සඳහා සෑම වසරක ම ආරම්භයේ දී මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක එක්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අනිවාර්යයෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙහි දී තීරණය විය.
     
    එමෙන්ම දිනපතා කිරි ලබාගැනීමේ අපහසුතා නිසා මාසයක් වැනි කාලයක් ශීතකරණ නොමැතිව සෞඛ්‍යාරක්ෂිතව කිරි කල් තබාගැනීම සඳහා ඇති හැකියාව පිළිබඳව ද මෙහි දී විශේෂ අවධානය යොමු කරන ලදි.
     
    මෙම කිරි වීදුරුව වැඩසටහන ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ඇතැම් ප්‍රදේශවල පෙර පාසල් දරුවන්ගේ පැමිණීම වර්ධනය වී ඇති බවත්, ඔවුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට මෙම වැඩසටහන මනා පිටිවහලක් වී ඇති බවත් මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.
     
    මිල්කෝ සමාගම, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ජාතික අය-වැය දෙපාර්තමේන්තුව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, පවුල් සෞඛ්‍ය කාර්යංශය, මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය (උතුරුමැද) යන ආයතනවල නියෝජිතවරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya