අමාත්‍යවරයා එසේ පැවසුයේ ඊයේ (29 ) කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ පැවති කලාප ප්‍රාථමික පාසල් අතර පැවති ක්‍රීඩා උත්සවයට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අද රට ඇතුළේ ක්‍රීඩාව දියුණු වෙනවා. දරුවන්ව ක්‍රීඩාවට යොමු කිරීමට කලාප මට්ටමින් ක්‍රියාදාමයක් අද අරගෙන යනවා. රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අලුත් නැම්මක් තියනවා. ඉස්සර පොත්ගුල්ලන්ට පමණක් සීමාවුණු කාලයක අද විශාල වශයෙන් ක්‍රීඩාවත් දරුවන්ට හිමි වෙලා තියනවා. සමහර දරුවන් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒකාකාරී ජීවිතයක ඉන්න කොට දරුවන්ට තමන්ගේ ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වුණ අවස්ථා තිබුණා. පොතපතෙන් විතරක් අධ්‍යාපනය හමාර කරන්නේ නැතුව ක්‍රීඩාවෙන් දස්කම් පෙන්නන්නත් දරුවන්ට අවවාද දිය යුතුයි. අපේ කාලයේ අපි නොයෙකුත් ක්‍රීඩාවල යෙදුනා. ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු යන සංකල්පය මත කලාප මට්ටමින් කුඩා දරුවන්ව නොයෙකුත් ක්‍රීඩා ක්‍රියාකාරකම්වලට යොමු කරවලා එයාලව ජාතික තලය දක්වා යැවීමට කටයුතු කිරීම ආරම්භ කරනවා.
මේ දරුවෝ අතර දක්ෂ දරුවෝ ඉන්නවා. වයඹ පළාතෙන් සුසන්තිකාලා, දමයන්ති දර්ශලා බිහිකරන්න අපි කටයුතු කරනවා. අද ක්‍රීඩාවෙන් වයඹ පළාත දෙවෙනි තැන තියෙන්නේ. ඒ වෙනුවෙන් කැපකිරීමෙන් වැඩකරන්න. ඒ වගේම අද දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්න දරුවෝ කොළඹ පාසල්වලට අරගෙන යනවා. ඒ නිසා වයඹ පළාතේ වෙනම ක්‍රීඩා පාසල් ඇති කරලා දක්ෂ දරුවන් වෙනත් පාසල්වලට අරගෙන යාම නැවත්වීමට වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. අනාගතයේ රට වෙනුවෙන් දක්ෂතා පෙන්වන්න ඉන්න දරුවන්ට අපි උපරිම ශක්තිය දෙනවා. ඒ වගේ ම ඒ දරුවන් හුදකලාවේ තියන්නේ නැතිව එකතු කරලා ඔවුන්ට අවශ්‍ය සියලු ම පහසුකම් ලබා දෙනවා. වයඹ ප්‍රධාන අමාත්‍යවරයා විදියට දරුවන්ගේ ඉදිරිගමන වෙනුවෙන් මගේ උපරිම සහයෝගය, ශක්තිය ලබා දෙනවා.
මෙම අවස්ථාවට කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සිරිමෙවන් පොඩිනිලමේ, ප්‍රාථමික පාසල් අධ්‍යක්‍ෂ එස්. ඒ.පී. ජයමහ, ක්‍රීඩා සම්බන්ධතා නිලධාරි කල්‍යාණි ඒකනායක, ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනි අයිරාංගනී තෙන්නකෝන් මල්විල, ගුරුවරුන්, දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
ECB