විපතට පත්වීමෙන් අහිමි වූ නිවාස පිළිබඳ ව තොරතුරු කඩිනමින් සොයා බලන ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ
නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
දැනට එම පවුල් තාවකාලික ව ජීවත් වන ස්ථාන සොයා බලන ලෙසට ද අමාත්‍යවරයා දැනුම් දී ඇත. මෙම නාය යාමෙන් පේළි නිවාස 70ක් (ලයින් කාමර 70ක්), තනි නිවාස 3ක්, ප්‍රජා ශාලාවක්, ළදරු පාසලක්, ආගමික ස්ථාන ඇතුළු පොදු පහසුකම් රැසක් ද විනාශ වී ගොස් තිබේ.
නාය යාමෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වල ඥාතීන්ට හා විපතට පත්වූ පවුල්වල සාමාජිකයන්ට තමන්ගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව ද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
DB