හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ කොස්ලන්ද මීරියබැද්ද වත්ත නායයාමෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් කටයුතු සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ කොට්ඨාස 11කට අයත් ශ්රී ලංකා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ 500කට අධික භට පිරිසක් මෙහෙයුම් කටයුතුවලට යොදවා ඇත.
ඊයේ (29) උදෑසන මෙම විපත සිදුවීමෙන් අනතුරු ව පළමු කණ්ඩායම වශයෙන් නිලධාරීන් 15ක් සමඟින් සෙබළුන් 214ක් ද, දෙවැනි කණ්ඩායම වශයෙන් සෙබළු 300ක් ද යොදවා ඇත.
DB