නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අංග සම්පූර්ණ තෙමහල් ගොඩනැගිල්ලක්

    ඔක්තෝබර් 29, 2014

    මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කිරීම මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) ප්‍රාදේශීය ලේකම් කාර්යාල
    පරිශ්‍රයේදී සිදු කෙරිණි.


    මහල් තුනකින් සමන්විත මෙම ගොඩනැගිල්ල තුළ ශ්‍රවණාගාරයක් ඇතුළු කාර්යාල කාමර රැසක් ඇතුළත් ය. තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර ලෙස බිම් මහල ඉදිකෙරෙන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ සියයක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කොට තිබේ. ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පළාත් නැඟුම වැඩසටහන ය‍ටතේ ලබා දී තිබේ.

    පළමු අදියරට අයත් බිම් මහලේ වැඩ කටයුතු අවසන් වූ වහා ම දෙවැනි සහ තෙවැනි අදියර ආරම්භ කිරීමට කටයුතු යොදන බව පැවසූ මහනුවර දිසාපති එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා මහජනතාව වෙත තවදුරටත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට මේ තුළින් හැකියාව ලැබෙන බව ද පැවසීය.

    පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් මධුපානී පියසේන මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.

    NDH/TA-dmu kandy

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya