නවීකරණය කොට ඉදිකරනු ලබන මෙම පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය තුළින් දිවි නැඟුම වැඩසටහනට අයත් සියලු ම රාජ්‍ය නිලධාරීන්, පහසුකාරකයන් සහ දිවි නැඟුම ප්‍රතිලාභීන් පුහුණු කිරීමේ කටයුතු වඩාත් පහසුවෙන් පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇත.
ඒ අනුව මෙම පුහුණු වැඩසටහන යටතේ බදාදා දිනවල හැර සතියේ අනෙකුත් දිනවල පුහුණුලාභීන් 400කට පුහුණුව ලබා දිය හැකිය. පුහුණු පාඨමාලාවන් සහ වැඩමුළුවලට අමතරව කෘෂිකාර්මික සහ අනෙකුත් ක්ෂේත්‍ර හා සම්බන්ධ පර්යේෂණ කටයුතු සඳහා ද මෙම මධ්‍යස්ථානය ලබා ගත හැකි වේ.
දිවි නැඟුම පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් රැසක් සහ රජයේ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.
NDH/TA-dmu kandy