නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් මහනුවරට

    ඔක්තෝබර් 29, 2014

    දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කලාප 03 කාර්යාලය මඟින් පවත්වාගෙන යනු ලබන දිවි නැඟුම පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය නවීකරණය කොට ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 31 දින පෙ.ව. 9.30ට යටිනුවර - පිළිමතලාවේදී පැවැත්වේ.


    නවීකරණය කොට ඉදිකරනු ලබන මෙම පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය තුළින් දිවි නැඟුම වැඩසටහනට අයත් සියලු ම රාජ්‍ය නිලධාරීන්, පහසුකාරකයන් සහ දිවි නැඟුම ප්‍රතිලාභීන් පුහුණු කිරීමේ කටයුතු වඩාත් පහසුවෙන් පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇත.

    ඒ අනුව මෙම පුහුණු වැඩසටහන ය‍ටතේ බදාදා දිනවල හැර සතියේ අනෙකුත් දිනවල පුහුණුලාභීන් 400කට පුහුණුව ලබා දිය හැකි බව දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අමරනන්ද වීරසිංහ මහතා පවසයි. පුහුණු පාඨමාලාවන් සහ වැඩමුළුවලට අමතරව කෘෂිකාර්මික සහ අනෙකුත් ක්ෂේත්‍ර හා සම්බන්ධ පර්යේෂණ කටයුතු සඳහා ද මෙම මධ්‍යස්ථානය ලබා ගත හැකි බව වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    දිවි නැඟුම පුහුණු  සහ පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් රැසක් සහ රජයේ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya