නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව

    ඔක්තෝබර් 29, 2014
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී එම අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පළාතේ පාසැල් 23ක පසුගිය වසරේ දී අපොස (සා/පෙ) විභාගය ඉතා උසස් මට්ටමකින් සමත් වූ අඩු ආදායම් පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 42 වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඊයේ (28) සිදු කරන ලදී.
     
    “අපේ දරුවෝ” නමින් හදුන්වනු ලැබූ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා අනුග්‍රාහකත්වය සපයන ලද්දේ ෆයිසර් මුස්තාපා පදනම මගිනි. 
     
    මෙම ශිෂ්‍යත්වය මගින් දරුවෙකුට උසස් පෙළ අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලය තුළදී මාසිකව රුපියල් 3000ක දීමනාවක් ලබාදෙනු ලැබේ.
     
    මෙම අවස්ථාවට සහභාගී වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් රටේ ආර්ථික සංවර්ධනය වැඩිවීමත් සමඟ ම ඊට සමගාමී ව රටේ අධ්‍යාපන තත්ත්වයද ඉහළ යා යුතු බව අවධාරණය කළ අතර රටේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඒ සඳහා මෙවැනි අධ්‍යාපනය සඳහා අතහිත දීමේ වැඩසටහන් මෙම දරුවනට බොහෝදුරට මහෝපකාරී වන බවද පවසා සිටියේය. 
     
    එසේම මෙම දරුවන් සඳහා මේ වන විට රටේ විශාල ක්ෂේත්‍රයක් පුරා විවිධ රැකිරක්ෂා අවස්ථා උදාවී ඇති බව සඳහන් කළ රාජපක්ෂ මහතා මෙම දරුවන් ද නිරතුරුව ම මෙම නව කේෂ්ත්‍රයන් පිළිබඳ ව විමසිලිමත් වී ඒ සම්බන්ධයෙන් තමනට අවශ්‍ය සුදුසුකම් සපුරා ගත යුතු බවත් පවසා සිටියේය.
     
    මෙම අවස්ථාව සඳහා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා, පළාත් සභා අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභා සාමාජිකයන්, විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ ශිෂ්‍යත්වලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහභාගී වුහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya