නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ කසළ කළමනාකරණ ව්‍යාපෘතියට මිලියන 10,000ක්

    ඔක්තෝබර් 29, 2014
    කොළඹ කසළ කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 10,000ක් වෙන් කොට ඇති බවත් ඒ හරහා කොළඹ කැලිකසළ පුත්තලම ප්‍රදේශය වෙත ගෙන ගොස් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් කළමනාකරණ සැලසුම් හා මෙහෙයුම් ජ්‍යේෂ්ඨ උපදේශක වීරසේන අධිකාරි මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29)  රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    මීට අමතර ව සතිපොළ 20ක් ඉදිකිරීමට කටයුතු කරන බවත් ඊයේ (29) කඩුවෙල සතිපොළ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බවත් සඳහන් කළ වීරසේන මහතා මෙම සංවර්ධන වැඩපිළිවෙළ හරහා ඉදිරියේ දී කොළඹ සිතියම වෙනස් වන බවත් සඳහන් කළේය.
     
    සංවර්ධන ව්‍යාපෘති කොළඹ නගරයට පමණක් සීමා නොකොට උතුරු නැගෙනහිර පළාත්වල ද සෑම නගරයක් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කොට ඇති බවත් ඇතැම් පළාත්වල දේශපාලන නියෝජිතවරුන්ගෙන් ඒ සඳහා ලැබෙන සහයෝගය අල්ප බවත් පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවේ දී උතුරු නැගෙනහිර දිස්ත්‍රික් කිහිපයක සිදු වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ ව තොරතුරු අනාවරණය කිරීම ද සිදු විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya