නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ නාවික බල ඇනිය ක්ෂේත්‍ර සෞඛ්‍ය සායන පවත්වයි

    ඔක්තෝබර් 29, 2014
    වයඹ නාවික බල ඇනිය විසින් පසුගිය දින කායක්කුලිහි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසලේ දී හා මුල්ලිකුලම් රෝමානු කතෝලික පල්ලියේ දී සෞඛ්‍ය සායන දෙකක් පවත්වන ලදී.
     
    වයඹ නාවික කලාප ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් මෙම සායන සංවිධානය කෙරේ.
     
    වයඹ නාවික කලාපයේ අලුතින් නැවත පදිංචි කළ සිවිල් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය හා වෛද්‍ය පහසුකම් ඉහළ දැමීම සඳහා වයඹ නාවික බල ඇනිය රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රජා සංවර්ධන හා සමාජ වගකීම් ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් මෙම සායන පැවැත්විණි.
     
    ප්‍රදේශයේ සෞඛ්‍ය නඟාසිටුවීමේ වැඩසටහනෙහි තවත් අංගයක් ලෙස මෙම ප්‍රදේශවල මදුරු මර්දන වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.
     
    මන්නාරම දිස්ත්‍රික්කයේ කායක්කුලි, මරිච්චිකඩ්ඩි, දකුණු මුල්ලිකුලම්, කරදක්කුලි හා කොණ්ඩච්චි යන දුෂ්කර ගම්මානවල දෙමළ මුස්ලිම් ජනතාව විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.
     
    මෙහිදී බෝ වන හා බෝ නෙවන, මුඛ සෞඛ්‍ය, ළමා රෝග මෙන් ම මහළු හා කාන්තා සෞඛ්‍ය ගැටලු සඳහා ද ප්‍රතිකාර ලබාදෙන ලදී. 
     
    වෛද්‍ය හා පෝෂණ අතිරේකයන් ත්‍රීපෝෂ ලංකා (සමාගම), රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, හේමාස් ෆාමසි, ග්ලැක්සෝ ලංකා සමාගම ආදී පෞද්ගලික සමාගම් වෙතින් සැපයිණි. සියලු වෛද්‍ය පරීක්ෂණ ද නොමිලේ සිදු කරන ලදී.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya