නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය දේවානන්දා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා යාපනය දුම්රිය ස්ථානයේ තතු විමසති

    ඔක්තෝබර් 28, 2014

    සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ඊයේ (27) යාපනය දුම්රිය ස්ථානයේ නවතම තත්ත්වය පිරික්සීම සඳහා එහි ගියහ.

     

    එහිදී අමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරයා විසින් යාපනය දුම්රිය ස්ථානයේ සහ උතුරු දුම්රිය සේවා පිළිබඳ නවතම තත්ත්වය හා දෛනික ව මුහුණ දෙන ගැටලු පිළිබඳ එහි කාර්ය මණ්ඩලයෙන් තොරතුරු විමසූහ.

     

    එම සාකච්ඡාවෙන් අනතුරු ව ඔවුන්ගේ අවශ්‍යතා සඳහා කඩිනම් විසඳුම් ලබා දීමටත් අමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරයා එකඟ වූහ.

     

    යාපනය දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්) කේ. රාජනායගම් මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

     

    SDF

    visit to Jaffna railway station 1visit to Jaffna railway station 2visit to Jaffna railway station 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya