එසේ ක්‍රියාකිරීමට සිදු වූයේ ඊයේ (27) වැලිකන්ද, කටුවන්විල හා සෙවණපිටිය යන ප්‍රදේශවල ක්‍රියාත්මක කරන ලද හදිසි වැටලීමකදී බව පොලොන්නරුව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එස්. ජයවර්ධන මහතා පැවසීය.
ආහාර ගබඩා කිරීමේ ගැටලු, පළුදු වූ ආහාර අලෙවි කිරීම, මහජනයා නොමඟ යැවීමේ අරමුණ ඇතිව ලේබල් වෙනස් කර ආහාර අලෙවි කිරීම ඇතුළු ආහාර පනතේ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා රැසක් මත මෙම නඩු පැවරීම් සිදුකර ඇති බව ඒ මහතා සඳහන් කළේය.
පොලොන්නරුව මහජන සෞඛ්‍ය පරීක්වරුන්ගේ වැටලීම් ඒකකය මඟින් මෙම වැටලීම සිදු කළ අතර මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක් ව සිටියහ. මහජනතාව වෙනුවෙන් ඉදිරියටත් මෙවැනි වැටලීම් සිදු කිරීමට නියමිත බවත් පොලොන්නරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැටලීම් ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.
NDH/WK-dmu polonnaruwa