හදිසි ආපදා තත්ත්වයකදී ජනමාධ්‍යවේදීන් වශයෙන් කටයුතු කිරීමේදී ආපදා කළමනාකරණය පිළිබඳ ව සහ ප්‍රථමාධාර පිළිබඳ ව දැනුවත් වී සිටීම ඉතාම වැදගත්
බැවින් මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබේ.
මෙහි සම්පත් දායකයන් වශයෙන් මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ මේජර් සමන් බාලසූරිය මහතා ඇතුළු නිලධාරීන් සහභාගි වෙති. මේ අවස්ථාවට සියලු ම විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ආයතන නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සහභාගි වීමට නියමිතය.
මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මෙම වැඩමුළුව සංවිධානය කරයි.
DB