නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය වී වගාව ප්‍රචලිත කිරීමේ ජාතික වැඩසටහනක් කෑගල්ලේදී

    ඔක්තෝබර් 27, 2014

    දේශීය වී වගාව ප්‍රචලිත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමී ව කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් 600 දෙනෙකුට බිත්තර බීජ  වී කිලෝ 6000ක් බෙදා දීමේ වැඩසටහනක් කෑගල්ලේ දී අද (27) දින ක්‍රියාත්මක විය.

     

    මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහනට සමගාමී ව වසවිසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දීමේ වැඩසටහනේ දිගුවක් ලෙස මේ වැඩසටහන ක්‍රියාත්මක වේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ අද දින පැවති වැඩසටහන කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි මහතාගේ සහ කෑගල්ල මහ දිසාපති තුසිත පී. වනිගසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ 2015 අය-වැය යෝජනා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වීමක් ලෙස මෙම වැඩසටහන දැක්විය හැකි බවයි.මෙම අවස්ථාවට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක අමල් අරුණප්‍රිය මහතා ද සහභාගී වූ අතර ගොවීන් 600ක් පමණ මේ සඳහා සහභාගී වූහ.

     

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya