ජපානයේ ඩයිමාරු සංවර්ධන සමාගම මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථානයක් හදන්න එකඟ වුණ අතර ඔවුන් හොඳ Processing Factory එකක් හදන බවත් මේ මධ්‍යස්ථානය නිසා මාළුවලට මීට වඩා හොඳ මිලක් ගන්න හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොඩ්බේ වරාය පරිශ‍්‍රයේ දී ලංකා දායිමරු සංවර්ධන සමාගමේ මත්ස්‍ය ඇසුරුම් කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමිනි.
ශ‍්‍රී ලංකා ජපන් හවුල් ව්‍යාපාරයක් වන ලංකා දායිමරු සංවර්ධන සමාගම රුපියල් මිලියන 250ක ආයෝජනයක් කරමින් මෙම මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථානය ඉදිකරයි. මේ මඟින් ලංකාවේ මත්ස්‍ය සම්පත්වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉහළ තත්ත්වයක් ලබාදීම, ලංකාවේ මත්ස්‍ය සම්පත්වලට ඉහළ මිලක් ලබාගැනීම හා ජාත්‍යන්තර වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමක් ලබා ගැනීම, ජපානය ඇතුළු දියුණු රටවල නවීන තාක්ෂණය මෙරට ධීවරයන්ට හඳුන්වාදීම, මෙම ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථා වැඩිකිරීම හා ධීවර ආරක්ෂාව වෙනුවෙන් නවීන සන්නිවේදන උපක‍්‍රම හඳුන්වාදී ද බලාපොරොත්තු වේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. "පසුගිය කාලේ ත‍්‍රීකුණාමලය දිස්ත‍්‍රික්කයේ කෝටි ගණනක් වටිනා විශාල ව්‍යාපෘති ආරම්භ කළා. පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානය වගේ ත්‍රීකුණාමලේටත් විශාල තොග මත්ස්‍ය සංකීර්ණයක් ලබා දුන්නා. සිංහපුරට නිවාඩු නිකේතනයක් සහ තෙල් මධ්‍යස්ථානයක් ඇතුළු නැංගුරම් පොළක් ලබා දුන්නා. මේ නව විට උතුරේ හා නැගෙනහිරට ධීවර කර්මාන්තය කරගෙන යාමට අවශය සියලු පහසුකම් ලබා දුන්නා.
අද පාර්ලිමේන්තුවෙදී සෑම දේශපාලන පක්‍ෂයක් ම අපේ ධීවර කර්මාන්තයේ වැඩපිළිවෙළට සහය දෙනවා. ඒ තත්ත්වයට අද ධීවර කර්මාන්තය ගොඩනඟලා තියෙනවා. ජපානයයි අපියි අතර විශාල බැඳීමක් තියෙනවා. දේශපාලනඥයන්ගේ ස්මාරක තියෙන්නේ මැටි පිළිමවල නෙවෙයි. කරපු වැඩවල. වැඩ හරියට කළොත් ඒවා තමයි ස්මාරක. අද ලංකාවේ ධීවර කර්මාන්තය හොඳ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. තව ප‍්‍රශ්න තියෙනවා අපිට විසඳගන්න. ඒ ප‍්‍රශ්නත් ඉදිරියට විසඳගෙන විද්‍යාත්මක තත්ත්වයේ ධීවර කර්මාන්තයක් ගොඩනගන්න අපි එක්ක අත්වැල් බැඳගන්න" යැයි අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනී ආරියවතී ගලප්පත්ති, ලංකා දායිමාරු සංවර්ධන සමාගමේ සභාපති ඉසුමි යුසුයි, අධ්‍යක්ෂ අරුණ කුමාර, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක යන මහත්ම මහත්මිහු සහභාගී වූහ.
NDH