නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර පරිසර නියමු භටයන්ට කඳවුරක්

    ඔක්තෝබර් 27, 2014

    මහනුවර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින පරිසර නියමු භටයන් වෙනුවෙන් ඔවුන්ගේ නියමු ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට කටයුතු යොදා තිබේ.


    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ තෝරා ගත් පරිසර නියමු භටයන් වෙනුවෙන් ලබන 31 සිට නොවැම්බර් 02 දක්වා නේවාසික කඳවුරක් පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරයි.

    මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ඒකාබද්ධ ව තෙල්දෙනිය ජාතික පාසල් පරිශ්‍රයේ පවත්වනු ලබන මෙම කඳවුර සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පරිසර නියමු භටයන් 150ක් පමණ  සහභාගි වීමට නියමිතය.

    ඔක්තෝබර් 31 වැනි දින නියමු භටයන් කඳවුරුගත වන අතර පසුදින එනම් නොවැම්බර් 01 දින පෙ.ව.8.00 ට පැවැත්වෙන සමාරම්භක උත්සවයෙන් අනතුරුව කඳවුරේ ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට නියමිතය.

    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් රැසක් ද සහභාගී වීමට නියමිතය. ගවේෂණ චාරිකාවක් ඇතුළු පරිසර ක්‍රියාකරකම් රැසක් මෙම කඳවුරේදී පැවැත්වීමට සංවිධානය කර තිබේ.


    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya