නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අය-වැය යෝජනා ඉදිරියේ විපක්‍ෂය තිත්ත කසාය බිව් ගොළුවන් බවට පත්වෙලා

    ඔක්තෝබර් 26, 2014

    ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අය-වැය යෝජනා ඉදිරියේ විපක්‍ෂය තිත්ත කසාය බිව් ගොළුවන් බවට පත් වී ඇතැයි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.


    අය-වැය පිළිබඳව අදහස් දක්වමින් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද කීය. "ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට සෑම පුරවැසියෙකුට ම ප‍්‍රතිලාභ හිමිකර දෙමින් ජනාධිපතිතුමා විසින් විසින් අය-වැය යෝජනා ඉදිරිපත් කරන ලදී. කුඩා දරුවන්ගේ කිරිපිටි පැකැට්ටුවේ සිට විශ‍්‍රාමික පුරවැසියා දක්වා සියලු තරාතිරම්වල අයත් සෑම දෙනෙකුට ම දෝත පුරා සහන සලසා දුන් මෙම අය-වැය මඟින් රටේ ජීවනාලිය වූ තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු අවස්ථා උදා කිරීමටත්, පහේ ශිෂ්‍යත්ව හා විශ්වවිද්‍යාල සිසුන්ට ඉහළ ගෙවීම් ලබා දීමටත් යෝජනා විය. 

    වකුගඩු රෝගීන්ට රුපියල් 3000ක දීමනාවක් ලබා දීමට තීරණය කිරීම, කෘෂිකර්මාන්තයන් හි නියැළි ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිමත් කිරීමට වී සහ බඩඉරිඟුවලට සහතික මිලක් ලබා දෙමින් ද පොහොර සහනාධාරය ඉදිරියටත් ලබා දීමට ද බිත්තර වී නොමිලේ ලබා දීමටත් ජනාධිපතිතුමා අය-වැයෙන් යෝජනා කළේය. පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකර විශ‍්‍රාම වැටුප් ලබා දීමට ද රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් පහළොස් දහසකින් ඉහළ නැංවීම ද විශ‍්‍රාම දීමනා ඉහළ නැංවීම ස්වයංරැකියා හා ආදායම් උත්පාදන කටයුතු සඳහා ආධාර ලබා දීමට ද ඇතුළු රටේ සමස්ත ජනතාවට ම සහන සැලසූ මෙම ඓතිහාසික අය-වැය මඟින් 2005 සිට 2014 දක්වා රාජ්‍ය පාලනයේදී රටේ උද්ධමනය පහළ වැටී දළ ජාතික ආදායම ඉහළ යෑමේ ඍජු ප‍්‍රතිඵල ජනතාවට ලබා දී ඇති" බව ද ඔහු කීය.

    ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ අයවැයෙන් ජනතාවට ලබා දුන් සහනවලට එරෙහිවීමට එ.ජා.ප.ය, ජ.වි.පෙ. ඇතුළු රජයට මඩ ගසමින් සිටින දේශපාලන පක්‍ෂවලට නොහැකි වීමෙන් ඔවුන් තිත්ත කසාය බිව් ගොළුවන් බවට පත් වී සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya