තමාට කියා නිවසක් නොමැති සෑම පවුලකට ම "වසර 2020 දී නිවසක් හිමිවිය යුතුය" යන මහින්ද චින්තන සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් කොළඹ නගරයේ වෙසෙන අඩු ආදායම් සහ අඩු පහසුකම් මධ්‍යයේ ජීවත්වන තවත් පවුල් වෙනුවෙන් නව නිවාස 1148ක් ලබාදීම හෙට (27) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අතින් සිදු කිරීමට නියමිතය.
කොළඹ 08, වනාතමුල්ලේ ඉදිකරන ලද නවීන පහසුකම්වලින් යුත් මහල් 12කින් සමන්විත නිවාස ඒකක 718ක් ඇතුළත් "මෙත්සර උයන" ද නිවාස ඒකක 430කින් සමන්විත "සිරිසර උයන" ද මේ අනුව ජනතා අයිතියට පැවරෙනු ඇත.
NDH/mod