මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    '' සහසක් නිමැවුම්'' ප්‍රදර්ශනය 31දා සිට

    ඔක්තෝබර් 23, 2014
    '' සහසක් නිමැවුම්'' ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරගය ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 02  දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. 
     
    31දා පස්වරුවේ ප්‍රදර්ශනය ආයෝජක ප්‍රජාව සඳහා ආරම්භ වන අතර මහජන ප්‍රදර්ශනය නොවැම්බර් 01 හා 02 යන දෙදින පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වේ. 
     
    ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණශීලීත්වය විදහා දක්වන ප්‍රදර්ශනයක් වන '' සහසක් නිමැවුම්''   ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරගය නව නිපැයුම් විශාල ප්‍රමාණයක් එක් ප්‍රදර්ශනයක දී එළිදක්වා සමාජගත කරමින් ශ්‍රී ලාංකිකයන් තුළ දේශීය නව නිපැයුම් කෙරෙහි නැඹුරුවක් ඇති කිරීමත් ඒ ඔස්සේ නවෝත්පාදන සංස්කෘතියක් බිහිකිරීමත් අරමුණු කරගනිමින් පවත්වනු ලබයි.
     
    මෙවර ප්‍රධාන අංශ 04ක්, තාක්ෂණික ක්ෂේත්‍ර 13ක් ඔස්සේ නව නිපැයුම් 200 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කෙරේ. 
     
    ප්‍රධාන තරග අංශ හතරෙන් වෙන වෙන ම තෝරා ගැනෙන හොඳ ම නව නිපැයුම සඳහා එම තරග අංශයේ '' දසිස්'' සම්මානය, සහතිකපත්‍රය සහ රු.750,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර, වාණිජකරණ අංශයේ හොඳ ම නව නිපැයුම සඳහා '' දසිස් '' සම්මානය සහ සහතිකපත්‍රය පිරිනැමේ. 
     
    පාසල් අංශය සඳහා ''කණිෂ්ට දසිස්'' සම්මාන 03ක් පිරිනැමෙන අතර රුපියල් 250,000 බැගින් වූ මුදල් ත්‍යාග හා සහතිකපත් හිමිවේ. 
     
    තාක්ෂණික ක්ෂේත්‍ර 13ක් යටතේ ඉදිරිපත් කර ඇති නව නිපැයුම් සියල්ල ආවරණය වන පරිදි නම් කර ඇති ජාතික වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර 05ක් සඳහා විශේෂ සම්මාන හා රුපියල් 200,000ක මුදල් ත්‍යාග හිමිවන අතර දසිස් සම්මානලාභීන්හට ඉදිරි වර්ෂයන්හි දී පැවැත්වෙන ජාත්‍යන්තර නව නිපැයුම් තරග සඳහා සහභාගිවීමේ අවකාශ සැලසේ.
     
    ''සහසක් නිමැවුම්'' ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරගය තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා නව  නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධාන කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya