මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශයේදී ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගේ පවුල් වෙත වන්දි මුදල් පිරිනැමේ

    ඔක්තෝබර් 23, 2014

    විදේශ රටවල රාජකාරියේ නියැළෙමින් සිටියදී රෝගාතුර වී හෝ හදිසි අනතුරුවලට භාජනය වී මිය ගිය පුද්ගලයන්ගේ පවුල් සඳහා වන්දි මුදල් හා හිඟ වැටුප් ලබා දීම අද (23) විදේශ කටයුතු අමාත්‍යංශයේදී සිදු කෙරිණ.

     

    විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 51ක මුදලක්  විදේශ රටවල රාජකාරියේ නියැළෙමින් සිටියදී රෝගාතූර වී හෝ හදිස්සි අනතුර‍වලට භාජනය වී මිය ගිය පුද්ගලයන් 31 දෙනෙකුගේ පවුල් වෙත ප්‍රදානය කරන ලදී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෝටර් රථ අනතුරකින් මිය ගිය පුද්ගලයෙකුගේ පවුලක් සඳහා රුපියල් මිලියන 8.7ක් ලබා දීම ද ‍ඊට ඇතුළත් වේ.

     

     

    මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම යටතේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ උපදෙස් පරිදි හා විදේශ සේවා තානාපතිවරු ඇතුළු දූත සේවා ‍රාජ්‍ය නියෝජිතයිනගේ උපරිම සහයෝගයෙන් නීති උපදෙස් මත නීත්‍යනුකූලව විදේශගත වී එතෙර රැකියාවල නිරත වන පුද්ගලයන් හා එම පවුල් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

     

     

    විදේශ රටවල රාජකාරියේ නියැළෙමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ හා ආබාධිත වූ පුද්ගලයන් වෙනුවෙන් රජයක් ලෙස මෙවන් වන්දි මුදල් හා හිඟ වැටුප් ලබා දීමට මැදිහත් වීමට හැකියාව ඇත්තේ නීත්‍යනුකූලව විදේශගතව රැකියාවේ නිරත ව විපතක් සිදු වූ අවස්ථාවක පමණක් බවත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත අනාවරණය කළේය.

     


    මීට පෙර ද මේ ආකාරයෙන් නීත්‍යනුකූලව විදේශගත ව රැකියාවන්හි නිරත ව සිටියදී මිය ගිය, ආබාධිත වූ සහ තුවාල ලද පුද්ගලයන්ගේ පවුල් සඳහා වන්දි මුදල් හා හිඟ වැටුප් ලබා දී ඇති බවත් 2014 වර්ෂය තුළදී පමණක් රුපියල් මිලියන 181ක් ලබා දී ඇති අතර ඉදිරියේදී ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් මේ අවස්ථාවට එක් වූ විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රකාශ කළාය.

     

     

    විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක සත්‍යා රොද්‍රිගු, කොන්සියුලර් සේවා අධක්ෂ ජෙනරල් ප්‍රදීපා සේරම්, කොන්සියුලර් සේවා අධ්‍යක්ෂක රන්සි පෙරේරා, අමාත්‍ය පෞද්ගලික සහකාර වෙනුක කුරේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     
    SDF
     
    hhjj

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya