මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අය-වැය නවෝත්පාදනය පදනම්ව යෝජනාවීම සතුටට කරුණක්

    ඔක්තෝබර් 23, 2014
    ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් 30%ක් අධි තාක්ෂණික නිෂ්පාදන තුළින් නිර්මාණය වී තිබෙන අතර අඛණ්ඩ ව නව නිපැයුම් සඳහා යොමුවන රටවල් ලෝකයේ දැවැන්ත ආර්ථීකයන්ට උරුමකම් කියනු ලබයි. ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ක්ෂේත්‍රයට රජය විසින් ආයෝජනය කරන මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, දේශීය නව නිපැයුම් කෙරෙහි නැඹුරුවක් ඇති කරමින් ඒ ඔස්සේ නවෝත්පාදන ආර්ථීකයක් බිහිකිරීමට අත්‍යවශ්‍ය බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 
    අවධාරණය කර සිටියි. 
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (23) උදෑසන තාක්ෂණ හා පර්යේෂණඅමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ''සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරගය 2014'' සඳහා පැවති පූර්ව මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
     
    නිරන්තරයෙන් ම නව නිපැයුම් පිළිබඳ ව අවධානය යොමු කරමින් ඒ සඳහා ආයෝජනය කරනු ලබන රටවල් සීග්‍රයෙන් දියුණුව කරා ගමන් කරන අතර නිරන්තරයෙන් නව භාණ්ඩ හා සේවා හඳුන්වා දෙයි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ද නව නිර්මාණ බිහිකිරීම තුළින් රටේ ආර්ථීකය සවිමත් කිරීමට පෙරමුණ ගන්නේ නම් එය දේශීය ආර්ථීකය හරහා ලෝකය විනිවිද දකින දැවැන්ත පියවරක් වනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    නවෝත්පාදනය හා දැනුම පදනම් කරගත් නව ආර්ථීක ආයෝජන සැළැස්මක් තම අමාත්‍යෘංශය මගින් ඉදිරිපත් කොට ඇති අතර ඉන් රටේ ආර්ථීකය පිළිබඳ ව නව දෘෂ්ටිකෝණයකින් බලා මෙහෙවිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
     
    මෙවර ඉදිරිපත් කොට ඇති අය-වැය තුළින් ද නවෝත්පාදන ආර්ථීක සංකල්පය කෙරෙහි 
    අවධානය යොමුකිරීම පිළිබඳ ව සතුටුවිය හැකි බවත් එය තම අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද නව ආයෝජන සැලැස්මෙහි සංකල්පය බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya