මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු සහ නැගෙනහිර ප‍්‍රධාන නගර ජාත්‍යන්තර මට්ටමට

    ඔක්තෝබර් 23, 2014

    උතුරු සහ නැගෙනහිර පළාත්වල ප‍්‍රධාන නගර සැලසුම් සහගත ව ඉදිකිරීමටත් ජාත්‍යන්තර නගර හා සමාන තත්ත්වයට ගෙන ඒමේ වැඩපිළිවෙළකට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇත.

    යාපනය නගරයේ මහල් 20ට වඩා සුවිශාල බහුමහල් ගොඩනැගිලි තැනීම, රජයේ ගොඩනැගිලි ආදියේ තාප්ප ඉවත්කර උද්‍යාන ඇති කිරීම, මඩකළපු නගරයේ දැවැන්ත ව්‍යාපෘති 16ක් ඉදිකිරීම, මන්නාරම නගරයේ හරිත උද්‍යාන, කී‍්‍රඩාංගණ ඇතුළු ව්‍යාපෘති රැසක් සකස් කිරිම ආදී වශයෙන් ව්‍යාපෘති රැසක් මේ වනවිට සැලසුම් කර ඇත.

     

    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා මාර්ගෝපදේශකත්වය මත මෙම ඉදිකිරීම් සිදු වෙයි.

     

    තිස් වසරක් පුරා යුද්ධයක් පැවැති උතුරු සහ නැගනෙහිර ප‍්‍රදේශයේ සම්පුර්ණ ජාත්‍යන්තර ප‍්‍රමිතියට ඇතුළත් නගරයක් බවට පත්කර අවසන් කිරීමට 2013 - 2030 සැලසුම් කර තිබෙන අතර ජ්‍යේෂ්ඨ පුරවැසි උද්‍යානය, ශාන්ති උද්‍යානය, ජෙට්වින් උද්‍යානය මෙම ඉදිකිරීම් අතර විශේෂත්වයක් ගනී.

     

    යාල් දේවි දුම්රිය උතුරට ධාවනය වීම මෙම නාගරික සංවර්ධනයට මහත් රුකුලක් වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya